පෝලිමේ යන ජනපති

මීඩියත් පෝලිමේ ඉන්න ඇති
ආරක්ෂකයො ඉන්න නැතුවැති
එක්කො උනුත් පොත් තෝරන්න ඇති..

බස් එකේ ගිහින් බහින්නැති
සෙනඟ හින්දා දාඩියත් ඇති
එතුමගෙ දාඩිය ගඳත් නැතුවැති…

ඉන්නකොට අධ්‍යාපන ඇමති
ගිනිගත්ත පුස්තාලෙත් මතක් වෙන්නැති
අළු තාම යාපනේ ඇති…

රටේ නම කේතුමති
ඉතිං එහෙම වෙනවැති..

මේව බලලම අපිට හති
මචං දැන් ඇති…!

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...