විදුලි සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යැවීමේ ගසට්ටුව එළියට

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනත අනුව විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමේ කොටසක් ලෙස ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ අත්සනින් යුතුව අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසි මෙලෙස ගැසට් කර ඇති බව සඳහන් වේ.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන් වේ.

වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා.

වසර 10 කට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5 වැටුප වන්දි වශයෙන් පිරිනැමෙන අතර සේවය කිරීමට ඉතිරිව ඇති කාලයට අදාළව කිසිදු ගෙවීමක් නොගෙවන බවඳ එහි දැක්වේ.

ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් ආදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සටන් කරන බලවේග මර්දන පනත්වලට එරෙහිව එක්වෙද්දී OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය...

උද්ධමනය පාලනය වෙනුවට අනාවැකි කියන මහ බැංකුව

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ...

යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

නොවැම්බර් 20 වන සිකුරාදා  ඉතාලිය පුරා පැය 24ක මහා...