මට ඉතිරි කල රතු මතක වත

ප්‍රේත තටුවට උඩින් ඉස්සී
සමයමින් කලු කුමාරයා වී
යකැදුරා උගෙ රතු බෝල ඇස්
මගෙ වටේ කරකෝනවා

ඉහේ හිට පිරුවටය පොරවලා
කරවටේ අත දාලා ලන් වෙලා
නුඹේ උනුහුම දෙන්න හැදුවත්
හිම කැටිති වගෙ මිදුනු මගෙ තොල්
දතුත් එක්ක ම ගැහෙනවා

දෙතුන් සතියක් අගුලු දාගෙන

දොරත් කවුලුත් නිතර වහගෙන
ත්‍රාසයෙන් වගෙ ඉන්නෙ ලොක්කි ට
දිශ්ටියක් දැයි හිතෙනවා
බාප්පට උඹ කියනවා

වෙච්ච සන් ගෙදියමකියන්න ට
වචන ගලපල මුවට එනකොට
උඹේ පපුවට වදින කගපත මගේ හදවත ඉරනවා
ඇස් අගින් ලේ ගලනවා

රත්තරන් රැක ගනින් පන වගෙ
දෙන්ට දෑවැදි නැති නිසා මෙහෙ
උඹෙ වදන් වැල් පිච්ච සුවදින්
තාම මතකෙට එබෙනවා

එහෙව් වස්තු ව උන් බෙදාගෙන
මට ඉතිරි කල රතු මතක වත
අප්පච්චි නිදියාපු ඇද ළඟ
සාක්කියකට තියෙනවා

වෙනදා වගෙ මහ රෑට අම්මේ
නිදි කියලා අපි හිතාගෙන උඹ
බාප්පා ගෙන් විමසපන් පව
උන්දැ විත්තියෙ ඉන්නවා
යකැදුරත් කූඩුවෙ වැටෙනවා

සුබා

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්