රට පුරා කුණු කඳු 19ක්

පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.

එම කුණු කඳු අතරින් හතරක් වනාන්තර ආශ්‍රිතව පවතින හෙයින් පරිසර පද්ධතියට දැඩි හානියක් වන්නේ යැයි පිළිගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල කොම්පෝස්ට් පොහොර නිපදවන අංගණ නවයක් මේ වනවිට ක්‍රියාත්මක බවද සඳහන් කර ඇත.

රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන කුණු කඳු ප්‍රධාන ඒවා වන අතර ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයක් තුළම කුණු කන්දක් ගොඩගැසීම සාමාන්‍ය ස්වභාවයයි. එසේම මෙම ඇමතිවරයා සඳහන් කරන කොම්පෝස්ට් නිෂ්පාදනයද නමට පමණක් සිදුවන ඒවා වේ. එසේ නොමැතිව ඒවා ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවේ.

පසුගිය සමයේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වූ අවස්ථාවේ එවක සිටි ඇමතිවරු කුණු කඳු තරණය කරමින් ඒවා යොදාගෙන කොම්පෝස්ට් පොහොර නිපදවන බවට පොරොන්දු විය. නමුත් සිදුවූ කොම්පෝස්ට් පොහොර නිපදවීමක් නැත.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...