රට පුරා කුණු කඳු 19ක්

පළාත්පාලන ආයතන කරන කැළිකසළ බැහැර කිරීම් නිසා රට පුරා කුණු කඳු දහනවයක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.

එම කුණු කඳු අතරින් හතරක් වනාන්තර ආශ්‍රිතව පවතින හෙයින් පරිසර පද්ධතියට දැඩි හානියක් වන්නේ යැයි පිළිගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල කොම්පෝස්ට් පොහොර නිපදවන අංගණ නවයක් මේ වනවිට ක්‍රියාත්මක බවද සඳහන් කර ඇත.

රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන කුණු කඳු ප්‍රධාන ඒවා වන අතර ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයක් තුළම කුණු කන්දක් ගොඩගැසීම සාමාන්‍ය ස්වභාවයයි. එසේම මෙම ඇමතිවරයා සඳහන් කරන කොම්පෝස්ට් නිෂ්පාදනයද නමට පමණක් සිදුවන ඒවා වේ. එසේ නොමැතිව ඒවා ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවේ.

පසුගිය සමයේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වූ අවස්ථාවේ එවක සිටි ඇමතිවරු කුණු කඳු තරණය කරමින් ඒවා යොදාගෙන කොම්පෝස්ට් පොහොර නිපදවන බවට පොරොන්දු විය. නමුත් සිදුවූ කොම්පෝස්ට් පොහොර නිපදවීමක් නැත.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...