සාක්ෂි හොයන්න දෙයක් නෑ සාක්ෂි තියෙනවා සාධාරණයයි අවශ්‍ය වෙන්නේ 

Date:

යාපනය, චෙම්මනි සහ තවත් සමූහ මිනි වළවල් සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂ කරුණු කීපයක් හෙළිදරව් කළේය . එහිදී අදහස් ප්‍රකාශ කළ ලහිරු වීරසේකර කියා සිටියේ චෙම්මිනී සමූහ මිනීවල ගැන හමුදා සෙබළුන්ම තොරතුරු හෙළිදරව් කර ඇති බවයි .සෝමරත්න රාජපක්ෂ නමැති හමුදා නිලධාරියා අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වීමෙන් පසුව තමන්ගේ අවසන් ප්‍රකාශය ලෙස සටහන් කර තිබෙන්නේ සමූහ මිනිමලවල් ගණනාවක්ම ඇති බවත් ඒවා තමන්ට හඳුනාගැනීමට හැකි තිබෙන බවත්ය . ඔහුට මරණ දණ්ඩනය නියම වන්නේ තරුණියක ලිංගික අතවරයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි .

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ජූනි 2 වන දා ය.

මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.

අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම්වලින් මිනිස් සිරුරු 24කට අදාළ අස්ථි කොටස් මේ දක්වා මතු කර ගෙන ඇතැයි කැණීම් නිලධාරීහු පවසති.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...