නාවික හමුදාවට හොරෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් යෝෂිත අත්අඩංගුවට

නාවික හමුදා බඳවා ගැනීම් පටිපාටියේ අධ්‍යාපන සුදුසුකම් යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සුදුසුකම්වලට අනුව වෙනස්කොට 2008 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට බඳවා ගැනීම සම්බන්දයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද කැඳවීමක් කර තිබූ අතර එහිදී යෝෂිත රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචා දූෂණ ක්‍රියාව සම්බන්ධයෙන් රාජපක්ෂලාගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ද සහය දක්වා ඇති බව අනාවරණය වී තියනවා . යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගැනීම හා ඔහුව විදේශ පුහුණුවලට යැවීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයේදී ඒ බව අනාවරණය වී තිබේ.

යෝෂිත රාජපක්ෂව නාවික හමුදා කැඩේ පුහුණුවට බඳවාගෙන තිබුනේ 2006 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුවට යැවීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉල්ලීම් කර තිබෙන්නේ 2006 සැප්තැම්බර් මාසයෙදීය. යෝෂිත රාජපක්ෂ ඇතුළත් කරගත් නාවික හමුදා කැඩෙට් පාඨමාලාව සඳහා බඳවා ගැනීමට පුවත්පත්වල දැන්වීම් පළකර තිබුනේ 2006 ඔක්තෝබර් මාසයේදීය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...