ලංකාවට අනුව ආදරෙ කියන වචනය ජුගුප්සාජනකයි .මොකද ආදරෙ කියපු ගමන් ඇඳක් මැවෙනව.
මටනම් වචනය පිළුණුයි.ආදරෙ ආදරෙ නැහැ .
අපි ආදරෙ කරන්නේ කළුවරේ.කාටවත් නොදැනෙන්න.
මොකද එළිමහන් ආදරෙ විනිවිද දකින ඇහැක් අපිට නැහැ .
ඇහේ කළුඉංගිරියාව කළුම වෙලා.
ආදරෙ ප්‍රකාශ වෙන හොඳම විඳිය වචන .ඒත් වචන අපි ගිලල.
ගොඩක් ආයතනවල ආදරණීය ආමන්ත්‍රණ රාජකාරී ආමන්ත්‍රණ වලින් වැහිල.
ගෙවල්වල මේ තත්ත්වය දරුණුයි.
ගොඩක් ගෙවල්වල ඉන්නේ මිනිස්සු නෙවි සත්තු.
දරුවෝ දෙමව්පියෝ දෙගොල්ලම සත්ව ආමන්ත්‍රණ.
අමාන්ත්‍රණවල ලැජ්ජාශීලීබව ගොඩක් පෙන්නන්නේ පොදු ස්ථානවල.
බස්වල ඉන්නේ වෘත්තීය වේදීන් නෙවි. කොන්දල,ඩ්‍රයිවල්ලා.
එයාලට මගීන් කෑලි.දෙපාර්ශවයම එකිනෙකාට ආදරෙ නැහැ .
පහළ මට්ටමේ වෘත්තීයක් නම් ආදරණීය ආමන්ත්‍රණ අදාළම නැහැ . ඉතින් මිනිස්සු ස්වභාවයෙන්ම අසතුටුබවට හුරුවෙනව .එයා ඒක තව පරම්පරා ගාණකට අරන් යනව.
ආදරෙත් පුදුම පංති භේදයක්.තනතුර ඉහළනම් ආමන්ත්‍රණය සුහදයි.හැබැයි ආදරෙ නැහැ .ගෞරවය පමණයි.ඒකත් තාවකාලිකයි.මූණට විතරයි .ඒ කියන්නේ ආරෝපිත ආදරයක්.
මේක හැම සම්බන්ධයක් දක්වාම යනව.
ස්ත්‍රී පුරුෂ බැදීමේ ආදරෙත් මේ වගෙයි.
ස්ත්‍රී ශරීර ගොඩක් වෙලාවට පුරුෂයන්ට කෑලි,බඩු වෙනව.ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය ගැන කාට හෝ කියන්නේ කෑලිකරල.මස් කරල.ආදරෙ නෙවි කරන්නේ ආතල් ගන්නේ.
බිරිඳ අපෙ පවුල කියන වචනය තුළ පවුලේ වගකීම ස්ත්‍රියට පවරනව.
ආදරෙ හංගනව.
මේ තත්ත්වය මම මගේ වෘත්තීය පැත්තට හැරෙව්වොත් දරුවන්ට නමින් ආමන්ත්‍රණ තරම් වටින දෙයක් නැහැ .
එතැන ගොඩනගන්නේ අනන්‍යතාවය .ස්වභිමානය.මේක පාසලෙන් පටන් ගන්න ඕන.
ඒත් ළමයා,ඕයි,තමුසේ සිට සත්ව නාමකරණය පාසල්වල බහුලයි.
ප්‍රතිඵලය ගුරු විදුහල්පතිවරුන්ටත් අදාළයි.
පිනාලා ගුරාලා හා බහුවිධ නම් ගුරුවරුන්ටත් ආදේශ යි.
ඉතින් පහළම තැන් තමයි ඉහළම ම තැනින් තියන්න ඕන.
අඳුරුම තැන් තමයි සොඳුරුම තැන් වෙන්න ඕන.
වියළිම තැන් තමයි තෙතමනය ඉල්ලන්නේ.
ආදරෙ පටන් ගන්න ඕන පවුලෙන්,පාසලෙන්.
අනන්‍යතාවය හදන්න ඕන එතැනින්.
ආදරෙ තුළ රැකවරණය හංගන්න ඕන එතැනින්.
පහළම තැන් තමයි තියන්න ඕන ඉහළින්.