වසන්තලා වගේද ඇලෝසියස්ලා

මේවනවිට ජනතා අයිතීන් වෙනුවෙන් හඬ නැගීම නිසා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය ක්‍රියාකාරී හෂාන් ජීවන්ත, ගල්ඔය සිරිධම්ම හිමි ඇතුළු පිරිස ත්‍රස්තවාදි චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන දින 45ට වඩා පසුවී තිබේ. ඔවුන්ව තවමත් අධිකරණයට ඉදිරිපත් කර නැත. නමුත් වසන්තලා තරම් කෝටි ගණන් වංචා කළ අර්ජුන් ඇලෝසියස්ලාට කට්ට කන්නට වෙන්නේ නැත.

රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටි පර්පචුවල් ටේ‍ෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට අද අධිකරණයේ පෙනී සිටි මොහොතේම ඇප ලබාදී තිබේ.

ඔහුව රුපියල් ලක්ෂ 75ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කළ සිතාසියකට අනුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි අර්ජුන් ඇලේසියස්ට එසේ ඇප නියම කෙරුනා.

මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසිනි.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

එසේම බදු ගෙවීම පැහැර හැරීම නිසා අත්හිටුවා තිබූ මෙන්ඩිස් සමාගමේ මත්පැන් බලපත්‍රයද පසුගිය මාසයේ නැවත ලබාදෙන ලදී.

මෙය වසරකට පමණ පෙර සිදුවූ වංචාවක් වන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු ගොනුකිරිම සඳහා ද වසරක් පමණ කාලයක් බලා සිට තිබුණි.

ඊට අමතරව සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තබා රුපියල් කෝටි 700 ක ණය මුදලක් ලබාගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) පසුගිය මැයි මාසයේදී හෙළිවිය. මේවනවිට ඒ ගැන පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර කාලයක් ගතව ඇත.

මේ සියල්ලටම පෙර අර්ජුන් ඇලෝසියස් යනු අපේ රටේ සිදුවූ මහා මංකොල්ලයක් වූ මහ බැංකු වංචාවට අදාළ සැකකරුවෙකි.

අර්ජුන් ඇලෝසියස්ලා කෝටි ගණනින් වංචාවල් කර අධිකරණයට ඉදිරිපත් වූ සැණින් ඇප ලබා සුපුරුදු බිස්නස් කරගෙන සිටීමට පවා සහන ලැබේ.
නමුත් මර්දනයට විරුද්ධවන ජනතාවට පවා දැන් සිදුව ඇත්තේ විවිධ තාඩන පීඩනවලට ගොදුරු වීමටයි. මෙම මර්දනයට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයෙන් හෙට දිනයේ කිරිබත්ගොඩ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ රැළියේ අවසරය අවසන් මොහොතේ කැළණිය ප්‍රාදේශීය සභාව විසින් අවලංගු කර තිබේ. රනිල්, රනිල්ලාගේ ආණ්ඩුව සහ රනිල්ලාගේ පොලීසිය සහ නීතිය ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කරන්නේ ඒ ආකාරයටයි.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...