ජාතික විරෝධතා දිනයට සමගාමීව හැටන් කම්කරුවෝ ද වීදි බසිති !

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ජන පීඩක ආණ්ඩුව පන්නා දැමීමේ ජන සටනට සහය පල කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එක්ව ඊයේ දීප ව්‍යාප්ත කළු විරෝධතා දිනයක් නම් කොට තිබුණි. එයට සමගාමීව හැටන් නගරයේ රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, සහ අවිධිමත් අංශයේ වැඩ කරන ජනතාව නියෝජනය කරන වෘත්තීය සමිති බහු ජන සංවිධාන එක්ව සංවිධානය කරන ලද විරෝධතාවක් ඊයේ (20) හැටන් නගරයේ දී පැවැත්විණි.

කළු ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පා ගමනින් හැටන් මල්ලිඅප්පුව හන්දියේ සිට හැටන් ඔරලෝසු කණුව අසළට පා ගමනින් පැමිණ විරෝධතාවෙහි නිරත වූ අතර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ හඬට කන් දී වහා ගෙදර යා යුතු බවත්, ජීවන වියදම අඩු කරන ලෙසත්, සියලු ම කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට වහා කටයුතු කරන ලෙසත් ඔවුහු ආණ්ඩුවට බල කර සිටියහ.

මෙම විරෝධතාව සඳහා ලංකා වතු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, තැපල් හා ටෙලිකොම් වෘත්තීය සමිති, ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ සාමාජිකයෝ සහභාගී වූහ.

-ප්‍රොටෙක්ට් සංගමය-

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...