ඉන්දුනීසියාව, දඩයම්කරුවන්ගෙන් බේරාගත් මුහුදු කැස්බෑවන් 33 දෙනෙකු නිදහස් කෙරේ

ජනවාරි 8 සෙනසුරාදා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී කොළ කැස්බෑවුන් තිස් තුන් දෙනෙකු මුහුදට මුදා හැරීම සිදු කරනු ලැබුවා. මෙසේ මුහුදට මුදා හරිනු ලැබුවේ 2021 දෙසැම්බර් මාසේ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව ඉන්දුනිසියානු හමුදාව කළ වැටලීමකින් මුදාගත් කැස්බෑවුන්ය .  බාලි දූපතේ නිවාඩු ගත කිරීමට  පැමිණෙන විදේශිකයන් බොහෝ පිරිසක් මෙම මුදාහැරීම නැරඹීම සඳහා එදින පැමිණ සිටියා.

ඉන්දුනීසියාවේ බාලි දූපත යනු කැස්බෑවන් ජාවාරමේ මූලස්ථානය කි. මසට  සහ විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා කටු ලබා ගැනීම සඳහා මෙම සතුන් දඩයම් කිරීම සිදු කරනු ලබනවා, කැස්බෑ මස් වලට සහ කටු වලට වැඩි ඉල්ලුමක් පවතින්නේ ඉන්දුනීසියාව ආසන්නයේම ඇති මැලේසියාව, වියට්නාමය සහ චීනය වැනි රටවලිණි. නීති විරෝධී කැස්බෑ ජාවාරම සම්බන්ධයෙන් වරදකරුවෙකු වන ඕනෑම අයෙකු ඉන්දුනීසියානු නීතිය යටතේ වසර පහක් දක්වා  සිර දඬුවම් ලබා දීමට හැකියාවක් තිබේ.

විශාලතම මුහුදු කැස්බෑවන් විශේෂයක්  වන කොළ කැස්බෑ ගහනය මෑත වසරවලදී සැලකිය යුතු ලෙස  අඩුවීමක් පෙනුම් කරන අතර මේ සතුන්  දඩයම් කිරීම මෙන්ම  ධීවර ආම්පන්නවල සිරවීම ,ගෝලීය සාගර ප්ලාස්ටික් අර්බුදය  හේතුවෙන්ද  මිය යාම ද සිද්දවෙ  .

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...