රැඳවුම් නියෝග නොමැතිව වසන්ත ඇතුළු පිරිස තවදුරටත් අත්අඩංගුවේ!

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් නියෝගයක් අනුව රඳවා තබාගත හැකි උපරිම කාල සීමාව වන පැය 72 ඊයේ (21) සවස් භාගයෙන් අවසන් විය. පෑලියගොඩ පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙතෙක් ඔවුන් ළඟ රැඳවුම් නියෝග නැත.

එම තත්ත්වය තුළ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් රඳවා තබා ගැනීමේ නියෝගයක් පිළිබඳව මේ දක්වා පවුලේ සාමාජිකයෙකුට හෝ නීතිඥයෙකුට දැනුම් දී නොමැත. එසේම මේ වනවිට වසන්ත ඇතුළු පිරිස බැලීමට නීතිඥවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවද වාර්තා වේ.

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇති අතර ඔවුන් යළි අද පෑලියගොඩ පොලිසිය වෙත රැගෙන ඒමට නියමිත බව නීතිවේදීන් පවසයි. ඉන් අනතුරුව නිල වශයෙන් ඔවුන්ගේ භාරකාරත්වය TID වෙත පැවරීමට නියමිතයි. නමුත් දැනට ඔවුන් රඳවා තබාගැනීමේ කාල සීමාව අවසන්ව ඇති තත්ත්වයක් තුළ පොලීසිය එම රඳවා තබගැනීම් සිදුකරන්නේ අනීතික ලෙසයි.

ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පොලිස්පතිවරයා වගඋත්තර බැඳිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...