රැඳවුම් නියෝග නොමැතිව වසන්ත ඇතුළු පිරිස තවදුරටත් අත්අඩංගුවේ!

වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් නියෝගයක් අනුව රඳවා තබාගත හැකි උපරිම කාල සීමාව වන පැය 72 ඊයේ (21) සවස් භාගයෙන් අවසන් විය. පෑලියගොඩ පොලිස් ආරංචි මාර්ගවලට අනුව මෙතෙක් ඔවුන් ළඟ රැඳවුම් නියෝග නැත.

එම තත්ත්වය තුළ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් විසින් රඳවා තබා ගැනීමේ නියෝගයක් පිළිබඳව මේ දක්වා පවුලේ සාමාජිකයෙකුට හෝ නීතිඥයෙකුට දැනුම් දී නොමැත. එසේම මේ වනවිට වසන්ත ඇතුළු පිරිස බැලීමට නීතිඥවරුන්ට අවස්ථාවක් ලබා නොදෙන බවද වාර්තා වේ.

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇති අතර ඔවුන් යළි අද පෑලියගොඩ පොලිසිය වෙත රැගෙන ඒමට නියමිත බව නීතිවේදීන් පවසයි. ඉන් අනතුරුව නිල වශයෙන් ඔවුන්ගේ භාරකාරත්වය TID වෙත පැවරීමට නියමිතයි. නමුත් දැනට ඔවුන් රඳවා තබාගැනීමේ කාල සීමාව අවසන්ව ඇති තත්ත්වයක් තුළ පොලීසිය එම රඳවා තබගැනීම් සිදුකරන්නේ අනීතික ලෙසයි.

ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පොලිස්පතිවරයා වගඋත්තර බැඳිය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...