ජනතා බදු මුදල් නාස්ති කළ ලංඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ උමතු – අමුතු නිදහස් සැමරුම

ලංඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හැමදාම එල්ලලා තියෙන ජාතික ධජය පෙබරිවාරි හතරවෙනිදා උදේ වරුවේ දක්නට ලැබුනේ නෑ. හැමදාම නිදහස් දවසට එන විරෝධතා කරුවන්ට බයේ ලජ්ජාවෙන් සිංහයා පවා හැංගිලා හිටියා. හවස් වෙනකොට ආයෙත් සිංහයා කොඩිගහේ එල්ලුනා, උමතු – අමුතු නිදහස් ‘පාටියට’ සෙට් වෙන්න. ඒත් ලංකාවේ මේ මොහොතේ බිමේ සිදුවෙන අකාරුණික, අසාරධානකම් ගැන සංවේදී මිනිස්සු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උමතු – අමුතු නිදහස් ‘පාටියට’ විරෝධය පාමින් හිටිය.

ලංඩන් නගරයේ ශ්‍රී ලංකා උප සංස්කෘතිය ඇතුලේ ඉන්න සරුව පිත්තල ‘දිලිසෙන මිනිස්සු’ ජැන්ඩි පහට ඇද පැළද ගෙන එකා දෙන්නා මහකොමසාරිස් කාර්යාලයට ගෑටුවේ සංවේදී ලංඩන් ලාංකිකයන්ගේ විරෝධතා හමුවේ තම සළුපිළි ගලවා දමා ගනිමින් – මානසික හෙළුවෙන්.

මහා මිනිස්සු ලෙස පෙනී සිටින මිනිසුන්, කටවල් මිස හදවත් නැති ලන්ඩනයේ යු ටියුබ් මාධ්‍ය ඔස්තාර්ලා ජනතාවගේ හූ හඩ මැද්දෙන් මහකොමසාරිස් කාර්යාලයට රිංගුවේ ඔලුව අධෝ මුකයේ ගසාගෙන.

පාටි මත්තේ හිටිය මහකොමසාරිස් සරෝජා සිරිසේනට පොදු ජනයාගේ විරෝධය දැනුනා. ඇය කලේ තම ගෝල බාලයන් ලවා මහා හයියෙන් සංගීත දමා විරෝධතා කරුවන්ගේ හඩ යටපත් කරන්න උත්සහ සලස්වීම. නිදහස් දවසේ රනිල්ගේ මැර ජුන්ටාව සාමකාමී විරෝධතා කරුවන්ට පහරදෙද්දි රනිල්ගේ සුවච කීකරු මහකොමසාරිස් සහ පිරිවර ලංඩන් මිනිස්සුන්ගේ සංවේදී හඩවල් බලහත්කාර ‘සින්දු පාටි’ වලින් වලක්වන්න උත්සහ කළා.

බංකොලොත් බව ප්‍රකාශයට පත්කර ඇති රටක, ඉස්පිරිතාලවල පෙරසිටමෝල් පෙත්තක්වත් නැතිව අන්තරාවට පත්වී ඇති රටක, බඩගින්න උහුලගන්න බැරිව දිවිනසාගන්න මිනිස්සු ඉන්න රටක් නියෝජනය කරන මහකොමසාරිස් කාර්යාලයක් නිදහස උඩ දමමින් පාටි දැමීම කොතරම් මරිමෝඩ ගොන් ආතල් කමක්ද ?

නිදහස් දා රාත්‍රියේ මහකොමසාරිස් සරෝජා සිරිසේන සහ පිරිවර තම හාම්පුතා වන රනිල් රාජපක්ෂට කදිම පණිවිඩයක් යැවුවා. ඒ තමයි කන්ඩ සහ බොන්ඩ දෙනවනම් තම හාම්පුතා වෙනුවෙන් ඕනෑම කෙන්ගෙඩියක් කිරීමට සුදානම් බව.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...