ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

ඊයේ උදේවරුව පිටිසරබද පාසලක් තුළ.
ළමයි 250ක් පමණ සිටින මහා විදුහලක්.

විදුහල්පතිනිය අනුව ගොඩක් දරුවෝ නියෝජනය කරන්නේ එකම ස්වරූපයේ ආර්ථික ,සමාජ,සංස්කෘතික පරිසරයක්.

බිඳුනු පවුල්,විසිරුණු පවුල් පසුබිම් එක්ක ජීවිතයට මූණ දෙන ළමයි .

මම සසල කළ ලොකුම දේ මේ ළමයි දුටුතැන වැද වැටීම.
මම ගියේ එයාලට වචනයක්වත් කියන්න නෙවි.විද්‍යා පීඨ ගුරුවරුන්ගේ පාඩම් බලන්න .
ඒ හැම පාඩමක්ම ඉවර වුනාම දරුවෝ මට දුවගෙන ඇවිත් වඳිනව.

හිතනවද මේ වැඩේ හරි හොඳයි කියලා .
ඇත්තටම හිතින් මම පශ්චාත්තාප වුනා.
මම වැරැද්දක් කළා වගේ.

ඒ දරුවෝ තියා මොන දරුවෙක්වත් තමන්ගේ කොන්ද දැන නොදැන නමන්න හොඳ නැහැ .

ලෝකේ වන්දනීය ,පූජනීය ,අදහන චරිත නැහැ .

ගුරුවරු කියන්නේ මේ අය කියන රාමුවට දාද්දී එයත් සීමා වෙනව.එයාගේ හැඟීම් සීමා වෙනව.ගුරුවරු කියන්නේ අතිශය කායික හා මානසික ක්‍රියාකාරී කොටසක් මිස පාලනය කළ යුතු ශීලයක් සහිත කොටසක් නෙවි.

නටන්න ,දුවන්න,ගයන්න ,ලස්සනට පිළිවෙළකට වස්ත්‍රයක් දවටනකොට…මේ ඔක්කොම එක්ක ගුරුවරු ජීවත් වෙනකොට එයාගේ සිතුවිලි පරාසයන් පුළුල් වෙනව.
ඇයි අපි ගුරුවරු වන්දනීය කොටසක් කරන්නේ.

මේවා අපේ භාෂාවේ අවභාවිත ගැටුම්

ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ.

මඟපෙන්වන්නන්ට වඳින්න අවශ්‍ය නැහැ .
හැබැයි තේරුම් ගැනීම අවශ්‍ය යි.

වෙන්ස්වීම කියන්නේ මේකට!

 

රසිකා මුහන්දිරමිගේ

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...