ගම්මන්පිල අසත්‍ය කරුණු ඉදිරිපත් කර  ඉන්දියාවට තෙල්ටැංකි පවරා දෙයි

රටේ ජනතාවට නොපෙන්නා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර හොර රහසේ රාත්‍රි යාමයේ අස්සන් කරන ගිවිසුම වලංගු නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. දැන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතින දෙයක් තියෙනවා ඉතාම වැදගත් ගිවිසුම් මහ රාත්‍රියේ  මිනිස්සු නිදාගෙන ඉද්දි වවුල්ලු බකමූණ විතරක් ඇහැරගෙන ඉද්දි අත්සන් කරන  පුරුද්දකට ගිහිල්ලා තියෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියේය 1987 දී මේ ටික ඔක්කොම ඉන්දියාවට දීල තිබ්බ කියන එක වැරදියි. ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක් නෙමෙයි. මේ ගිවිසුම කවුරුහරි විසින් කඩ කළොත් කියන එක සම්බන්ධ කරුණු නෑ .

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අ ත අබරවල තමයි මේකට අත්සන් ගත්තෙ කියලා එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මහ කොමසාරිස් වරයා විදියට හිටපු ජේ එන් ඩික්සිත් කොළඹ භූමිකාව කියලා ලියලා තියෙන පොතේ ඔහුම සඳහන් කරනවා අත අඹර වල තමයි අත්සන් ගත්තෙ කියලා.

මේ ගිවිසුම දැන් කොහොමත් බලාත්මක නෑ. සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ ඉඳලා මේ ගිවිසුමේ කරුණු ගොඩක් දැන් උල්ලංඝනය වෙලා ඉවරයි. ඉතුරු ඔක්කොම කරුණු උල්ලංඝනය වෙද්දී තෙල් ටැංකි වලට අදාල කරුණ විතරක් උල්ලංඝනය නොවී තියෙනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කියද්දී ඒක සම්පූර්ණ විහිළුවක්.

කලින් ගිවිසුමට අදාළව ආරවුලක් ඇති වුනොත් ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ නීතියට අදාළව නමුත් මේ අලුත් ගිවිසුමේ කොහොමද තියෙන්නේ ආරවුල් නිරාකරණය සමථකරනය සම්පූර්ණයෙන් යන්නේ සිංගප්පූරුවට.

ලංකාවේ නීතියට කිසිදු මැදිහත් කිරීමක් මේකට කරන්න බෑ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...