Breaking News

ගම්මන්පිල අසත්‍ය කරුණු ඉදිරිපත් කර  ඉන්දියාවට තෙල්ටැංකි පවරා දෙයි

රටේ ජනතාවට නොපෙන්නා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර හොර රහසේ රාත්‍රි යාමයේ අස්සන් කරන ගිවිසුම වලංගු නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. දැන් දිගින් දිගටම සිද්ධ වෙමින් පවතින දෙයක් තියෙනවා ඉතාම වැදගත් ගිවිසුම් මහ රාත්‍රියේ  මිනිස්සු නිදාගෙන ඉද්දි වවුල්ලු බකමූණ විතරක් ඇහැරගෙන ඉද්දි අත්සන් කරන  පුරුද්දකට ගිහිල්ලා තියෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියේය 1987 දී මේ ටික ඔක්කොම ඉන්දියාවට දීල තිබ්බ කියන එක වැරදියි. ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකක් නෙමෙයි. මේ ගිවිසුම කවුරුහරි විසින් කඩ කළොත් කියන එක සම්බන්ධ කරුණු නෑ .

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ අ ත අබරවල තමයි මේකට අත්සන් ගත්තෙ කියලා එවකට ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ මහ කොමසාරිස් වරයා විදියට හිටපු ජේ එන් ඩික්සිත් කොළඹ භූමිකාව කියලා ලියලා තියෙන පොතේ ඔහුම සඳහන් කරනවා අත අඹර වල තමයි අත්සන් ගත්තෙ කියලා.

මේ ගිවිසුම දැන් කොහොමත් බලාත්මක නෑ. සටන් විරාම ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේ ඉඳලා මේ ගිවිසුමේ කරුණු ගොඩක් දැන් උල්ලංඝනය වෙලා ඉවරයි. ඉතුරු ඔක්කොම කරුණු උල්ලංඝනය වෙද්දී තෙල් ටැංකි වලට අදාල කරුණ විතරක් උල්ලංඝනය නොවී තියෙනවා කියලා ගම්මන්පිල අමාත්‍යවරයා කියද්දී ඒක සම්පූර්ණ විහිළුවක්.

කලින් ගිවිසුමට අදාළව ආරවුලක් ඇති වුනොත් ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ නීතියට අදාළව නමුත් මේ අලුත් ගිවිසුමේ කොහොමද තියෙන්නේ ආරවුල් නිරාකරණය සමථකරනය සම්පූර්ණයෙන් යන්නේ සිංගප්පූරුවට.

ලංකාවේ නීතියට කිසිදු මැදිහත් කිරීමක් මේකට කරන්න බෑ.

leave a reply