අධ්‍යාපනය විකිණීමට සහ මිලිටරීකරණයට පාර කපන කොතලාවල පනතට එරෙහිව විරෝධතා මාලාවක්

වසංගත සමයේ ජනතාවගේ අවධානය නොමැතිව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නගර කිහිපයක් කේන්ද්‍ර කරගෙන උද්ඝෝෂණ මාලාවක් අද දින (29) පවත්වා තිබේ.

“පෞද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කරන, අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල පනත ඉරා දමනු!” යන තේමාවෙන් මෙම විරෝධතා පැවත්වී තිබේ.

මෙම විරෝධතා මාලාව පිළිබඳ අදහස් දැක්වූ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසා ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් ගෙන ගිය අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාදාමය නැවත පණගන්වමින් තිබෙන බවය. ඔහු පවසන්නේ මෙම තත්වයට එරෙහිව ජනතාව පෙළ ගැස්වීමේ අරමුණින් අද දිනයේ ගාල්ල, කළුතර, නුවර, කුලියාපිටිය, කිරිබත්ගොඩ, කෑගල්ල හා තංගල්ල යන නගරවල දී විරෝධතා ආරම්භ කරන බවය.

ආණ්ඩුව විසින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ පනතක් සම්මත කරන්නට සූදානම් වන බව මාර්තු මසදීම අනාවරණය කරන ලද අතර, සමාජ අවධානය නොමැතිව එය ඉදිරියට ගෙන යාම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලිය. මේ වන විට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙන්ම මව්පියන් අධ්‍යාපන අධ්‍යාපනය සම්බන්ධ ගැටලු ගණනාවකින් පීඩා විඳින අතර මෙවැනි පනතක් හොර රහසේම ගෙන ඒ්ම සම්බන්ධයෙන් වහා මැදිහත්ව විරෝධය පළ කළ යුතු බව පුබුදු ජයගොඩ අවධාරණය කරයි.

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...