අරගලය ඇතුලට මර්දනය අරගෙන එන්නේ ඔවුන්ය

අද  පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව  අසල පොලිස් මුර බාධක බිඳගෙන ගන්නට උත්සාහ දැරූ  යතුරු පැදි හතරක්  පොලිසිය විසින් නවතනු ලැබුවා. මුහුණු ආවරණය කරගෙන සිටි මෙම යතුරු පැදිකරුවන්ගේ යතුරු පැදිවල අංක තහඩු නොමැති වීම විශේෂත්වයක් වෙනවා  .ඔවුන්ව පොලිසිය බලෙන් නවත්වා කරුණු විමසන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ යතුරු පැදි ඒකකයේ නිලධාරීන් බව ප්‍රකාශ කර තිබුණා .

හඳුනා ගැනීමට  නොහැකි වන පරිදි මුහුණ ආවරණය කරගෙන යතුරු පැදි  ධාවනය කිරීම වරදක් වන අතර  අංක තහඩු නොමැති යතුරුපැදි පාවිච්චිය  නීති විරෝධීය . මේ සිදුවීම වෙන මොහොතේ මුර  පොළේ සිටි පොලිස් නිලධාරීන් ක්‍රියා  කළ ආකාරයේ කිසිදු දෝෂයක් පෙනෙන්නට  නැතිමුත්  නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඔවුන්ට විරුද්ධව  පියවර ගැනීමට කටයුතු කරමින් තිබේ .

යුද හමුදාපති වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පවත්වන මෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ .ඊට අමතරව ආරක්ෂක ලේකම් කාර්යාලයෙන් ද පොලිස්පති වෙත දැනුම් දී තිබෙන්නේ මෙම නිලධාරීන් දෙන්නා ගේ හැසිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි  .

අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි ආකාරයෙන් මෙවැනි අතුරු හමුදාවක් බියක් සැකක් නැතිව මහජනතාව අතරට පැමිණීම සහ සිවිල් නීති කඩ කිරීම බරපතළ කටයුත්තකි .ඔවුන් හමුදා නිලධාරීන් වුවද මේ ආකාරයට සිවිල් ජනතාව තුලට  ඇතුල් වීමට ඇති සදාචාරාත්මක අයිතිය මොකක්ද ? මෙය බරපතළ තත්ත්වයකි . සිවිල් නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ද නොදන්වා මෙසේ පැමිණීම සැකකටයුතු තත්ත්වයකි .

මේ මොහොතේ අරගලයේ යෙදී සිටින ජනතාව මේ පිළිබඳව වඩා විමසිලිමත් වීම වැදගත් වෙනවා .අරගලය තුළට කඩාකප්පල්කාරීන් ඇතුල්  කර මැර  ක්‍රියාකාරකම් හරහා ගැටුම් ඇතිකර අරගලයට  මර්දනය කැඳවන්න ආණ්ඩුව කීප විටක්ම උත්සාහ දරා තිබෙන අතර ඒවාට ඉඩ නොතැබීම ද? ඒවා පිළිබඳව විමසිලිමත්ව සිටීමද අරගලයේම කොටසක් ලෙස අප තේරුම් ගත යුතුය .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...