බඩඉරිඟු ගොවීන්ට පොහොර වෙනුවට QR කෝඩ් එකක්?

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බඩඉරිගු ‍ වගා කරන ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරවීම සඳහා අන්තර්ජාලය යොදා ගනිමින් වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.

ඉදිරි මහ කන්නයේ දී අපේ රටේ බඩඉරිගු වගාව විදිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ලියාපදිංචි කිරීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර නොදීම හේතුවෙන් මෙරට බඩඉරිගු වගාව අඩාල වී තිබේ.

මෙම විද්යුත් ලියාපංචිය කිරීම ඔස්සේ රටේ බඩ ඉරිගු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණය, ඔවුන් වගා කරන ඉඩමි ප්‍රමාණය, ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය සහ එම වගා බිම් පිහිටි නිවැරදි ස්ථානය ආදි සියලූ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එමගින් නිවැරදි දත්ත ලබා ගත හැකි අතරම බඩඉරිගු වගාව ක්‍රමවත්ව සිදුවන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි. නමුත් ගොවීන් පවසන්නේ ගොවිජන දෙපාර්තම්න්තුව සතුව මෙම දත්ත ඇති බවත් පොහොර ලබාදීම පමා කිරීමේ අරමුණෙන් මෙවැනි කටයුතු සිදුකරන බවයි. දැන් තමන්ට අවශ්‍යව ඇත්තේ QR කෝඩ් නොව පොහොර බව ගොවීන් සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...