බඩඉරිඟු ගොවීන්ට පොහොර වෙනුවට QR කෝඩ් එකක්?

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් බඩඉරිගු ‍ වගා කරන ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරවීම සඳහා අන්තර්ජාලය යොදා ගනිමින් වැඩ පිළිවෙළක් සකස් කර තිබේ.

ඉදිරි මහ කන්නයේ දී අපේ රටේ බඩඉරිගු වගාව විදිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ලියාපදිංචි කිරීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය මහ කන්නයේ දී යුරියා පොහොර නොදීම හේතුවෙන් මෙරට බඩඉරිගු වගාව අඩාල වී තිබේ.

මෙම විද්යුත් ලියාපංචිය කිරීම ඔස්සේ රටේ බඩ ඉරිගු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යුරියා පොහොර ප්‍රමාණය, ඔවුන් වගා කරන ඉඩමි ප්‍රමාණය, ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය සහ එම වගා බිම් පිහිටි නිවැරදි ස්ථානය ආදි සියලූ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එමගින් නිවැරදි දත්ත ලබා ගත හැකි අතරම බඩඉරිගු වගාව ක්‍රමවත්ව සිදුවන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කරයි. නමුත් ගොවීන් පවසන්නේ ගොවිජන දෙපාර්තම්න්තුව සතුව මෙම දත්ත ඇති බවත් පොහොර ලබාදීම පමා කිරීමේ අරමුණෙන් මෙවැනි කටයුතු සිදුකරන බවයි. දැන් තමන්ට අවශ්‍යව ඇත්තේ QR කෝඩ් නොව පොහොර බව ගොවීන් සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...