මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද
මල ,පැහැය,සුවඳ, ඈ
කිසිත් නො ඉල්ලු ව ආනන්ද
වෙන් වෙන් ව නමුදු ළං ළං ව
අරුම බැඳුමක ලකුණ ආනන්ද
පමා වන නමුදු නිවන
ඇලී නො ඇලී රැඳුන
හිරු නැගි කල ද නොමැකුණ
බුදුන් මත පිනි බිදකි ආනන්ද
නො නිදන්නාට රැය දිගු තමයි
ගඳ කිළිය වට නොනිදා සරයි
බුදු මුව පිපි මල් එකින් එක ගෙන
සදහම් මාලය ගොතයි ආනන්ද
වේදනා, ආක්‍රෝෂ පරිභව
හඹා එන විට සැඩ නාලාගිරිව
අතැර තම දිවි හද ආසා
බුදුන් මුවාවට හිටියෙ ආනන්ද
කුසිනාරා නුවර සල් ගසක් පාමුල
නිවී යන විට සංසාරගත බැඳුම
නැගුණ ඝන දුර මැද තනිව
සල් ගසක් සේ හඬයි ආනන්ද
සියලු ක්ලේශයෝ නැසූ වග කීවත්
ශේෂ වූ බැඳුම් සරැල්ලක්
උප නූපන් කඳුළු බිදිත්තක්
බුදුන් ඇස තුල භාවනාවක්….
(ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක් )


 
							 
															 
															 
															 
															 
															 
															 
															 
															 
															




 
																	 
																	