ආනන්ද

මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල ,පැහැය,සුවඳ, ඈ
කිසිත් නො ඉල්ලු ව ආනන්ද
වෙන් වෙන් ව නමුදු ළං ළං ව
අරුම බැඳුමක ලකුණ ආනන්ද

පමා වන නමුදු නිවන
ඇලී නො ඇලී රැඳුන
හිරු නැගි කල ද නොමැකුණ
බුදුන් මත පිනි බිදකි ආනන්ද

නො නිදන්නාට රැය දිගු තමයි
ගඳ කිළිය වට නොනිදා සරයි
බුදු මුව පිපි මල් එකින් එක ගෙන
සදහම් මාලය ගොතයි ආනන්ද

වේදනා, ආක්‍රෝෂ පරිභව
හඹා එන විට සැඩ නාලාගිරිව
අතැර තම දිවි හද ආසා
බුදුන් මුවාවට හිටියෙ ආනන්ද

කුසිනාරා නුවර සල් ගසක් පාමුල
නිවී යන විට සංසාරගත බැඳුම
නැගුණ ඝන දුර මැද තනිව
සල් ගසක් සේ හඬයි ආනන්ද

සියලු ක්ලේශයෝ නැසූ වග කීවත්
ශේෂ වූ බැඳුම් සරැල්ලක්
උප නූපන් කඳුළු බිදිත්තක්
බුදුන් ඇස තුල භාවනාවක්….

(ඒක ඓන්ද්‍රජාලික ඉසව්වක් )

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...