චීනය හුදකලා නිරෝධායකට ලක් කිරීමට උත්සහකල අය දැන් දැන් ලැජ්ජා වියයුතු බවත් පස්චාත් කොරෝනා වෙයිරස් සමය තුල කිසියම් ආකාරයක සුභවාදී බලාපොරොත්තුවක් ඇතිකර ගත හැකි බව සොල්විනියන් දාර්ශනිකයෙකු වන ස්ලාවෝයි සිසැක් පවසනව.
ජර්මනියේ WELT නම් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ මෙම වෙරසය ගැන අසම්පුර්ණ දත්ත අතැතිව බොහෝ අදහස් පලවී ඇති බවත් අප හමුවේ ඇති ප්‍රශ්නය නම් අසම්පුර්ණ දත්තමය අදහස් නතරවී මේ ක්‍රියාදාමය ආශ්‍රිත දාර්ශනික සංවාදය ආරම්භ වෙන්නේ කවදාද යන්නයි.
එම දාර්ශනික සංවාදයේ කෙලවර මිනිස්සු ජිවත්කරවන අළුත් කොමිනිස්ට් පාලන ක්‍රමයක සිහිනයක් බව ඔහු කියනවා.
අප හමුවේ නැගෙන පළමුවන නියත ප්‍රශ්නය නම් කොරෝනාවලට වඩා ඉතා විනාශකාරී වෙරස් ආසාධනයන් වලට ලෝකය මේ මොහොතේ පවා ලක්වෙමින් තිබෙනවාග 1918-20 කාලයේ ලොව පුරා ව්‍යාප්ත වූ ඉන්ෆුවෙන්සා වෙරසය (influenza pandemic) නොහොත් Spanish flu පිලිබදව අසා තිබේද? මෙම වෙරසය මගින් ලෝකයේ මිනිසුන් මිලියන 50 ක් පමණ මරණයට පත්වෙන බව ගණන් බලා තිබුන. අද වෙනකොට මෙම ඉන්ෆ්ලුවෙන්සාව ඇමරිකාවේ මිලියන 15 ක ජනතාවකට වැලදී තියනවා. දල වශයෙන් පුද්ගලයන් 140ල000 ක් පමණ රෝහල් ගත කොට ඇති අතර වසරේ මෙම කාලයේ පමණක් මරණ 8200 ක් පමණ වාර්තා වෙනවා.
දැන් මෙතන ඉතා වර්ගවාදී අදහස් ගොන්නක් පොලාපැනල තියනවාග වුහාන් වල ජිවත්වන ඉතා කිලිටි චීන මහලු කතක් පිළිබද සංසරණය වුනු විනෝදජනක කථාව මතකද ? ඇය නයි හම ගසනවල වවුලන්ගෙන් සුප් හදල බොනවග නමුත් මේ මොහොත වෙනකොට චීනයේ විශාල නගරල ජීවත්වීම සදහා ඇති ආරක්‍ෂිතම කලාප බවට පත්වී අවසන්.
නමුත් මෙතන ඉතා ගැබුරු අසංගත භාවයක් ක්‍රියාත්මක වෙමින් තියනව. දැන් ලෝකය ඉතා තදින් එකට බැදී පවතින නිසා ඉතා කුඩා ප්‍රාදේශීය උවදුරක් පවා ලෝක මට්ටමේ ව්‍යසනයක් බවට පත්විය හැකියි. වසර 2010 සිසිර සමයේ අයිස්ලන්තයේ ඇතිවූ ඉතා කුඩා ගිනිකන්දක් සක්‍රිය වූ අවස්ථාවමතකද? මෙම පුංචි සිදුවීම පවා අද ලෝකයේ ඉතා සංකීර්ණ ජිවන යාන්ත්‍රණය අවුල් කර දමන්නට සමත් උනා. යුරෝපය පුරාම ගුවන් ගමන් අඩාල කර දමන්නට මේ සිදුවීම සමත් උනාග මේ සියලු දේවල් වලින් අපට මතක්කර දෙන්නේ මනුෂ්‍ය වාසය සදහා අලුත් වාසස්ථානයක් මේ පෘතුවිය තුල නිර්මාණය කල යුතු බවයි.
මීට වසර සියයකට පමණ ඉහත මෙවැනි හුදකලා සිදුවීමක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවී නිමාවට පත්වෙනවග නමුත් අද මෙවැනි සුළු දෙයකින් පවා අපේ සමාජ – ආර්ථික ක්‍රියාවලියට ඇතිවන බලපෑම ඇති විශාලයිග මේ අප ගුවන් ගමන් ක්ෂේත්‍රයේ ලබා ඇති තාක්ෂණික දියුණුවයි. තාක්ෂණික දියුණුව නිසා අප එක් පසෙකින් ස්භාවධර්මයෙන් නිදහස් වෙනවග නමුත් අනෙක් පසින් අපි වෙනත් තලයකදී සභාවධර්මයේ නියමයන් වලට අනුකුල වෙනව.
මේ තත්වයම අපට කොරෝනාවෙරස් පිළිබදවද සිතිය හැකිය. චීනයේ වෙරසය හැදුනේ එරට විශාල සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකළ නායකයෙකු වනDeng Hsiao Ping ගේ කාලයට ප්‍රථමව නම් ලෝකයේ කිසිවෙකුත් කොරෝනා ගැන නොදැනම එය අතීතයට එක්වෙනු ඇත.
අපි මේ කොරෝනවෙරස් වලට එරෙහිව අරගල කරන්නේ කොහොමද? එය ඉතා අමුතු පරපෝෂිත විලාසයකින් ගුණනය වෙමින් සජීවී ලෙස අජීවී වෙමින් (living dead) පැතිරෙන හදුනා නොගත් ක්‍රියාවලියකි. මේ පිළිබද නොදැනීමේ සාධකය සමාජය තුල කලබලය ඇති කරවයි. වෙරසය උපකල්පනය කල නොහැකි ආකාරයෙන් ව්‍යාප්තවීම නිසා එය ලෝක පරිමානයේ ව්‍යසනයක් බවට පත්වී තිබෙනවා.
මේ පිලිබදව මගේ පෞත්ගලික මතය මෙයයි. වෙරසය සමග සටන් කරන බලධාරීන් කලබල වී ඇති සෙයක් පෙන්නුම් කරමින් ඊට එරෙහිව අවංක අරගලයක් දියත් කරමින් සිටින්නේ වෙරසය විසින් ඇතිකරන හානියේ පරිමාව පිලිබදව දැනුමක් හෝ උපකල්පනයක් ඔවුන් දන්නා නිසයි. එහෙත් මේ නියත විකෘතිය පිලිබදව ඔවුන් ජනතාවගෙන් සගවමින් සිටින්නේ එම දැනුම නියත වශයෙන්ම සමාජයේ කලබුමක් ඇති කර නිසාය.
කෙසේ උවත් එක් දෙයක් ඉතා පැහැදිලියිග තව තවත් මිනිස්සු අතර අළුත් තාප්ප ඇතිකරමින්ල නිරෝධායනය තව තවත් දැඩි කල පමණින් ප්‍රශ්නයට උත්තර ලැබෙන්නේ නැත. ලෝක පරිමානයෙන් සම්බන්ධීකරණය වූ යාන්ත්‍රණයක් සහ කිසිම සම්භාධක නැති සහයෝගිතාවයක් මේ මොහොතේ ලෝකයට අත්‍යාවශ්‍යයි.
ඔවු එය අළුත් පන්නයේ කොමියුනිස්ට් පාලන ක්‍රියාවලියක්.
එක දෙයක් ඉතා පැහැදිලියිග අපි මේ අලුත් පන්නයේ කොමියුනිස්ට් පාලන ක්‍රියාවලියයේ දිශානතිය වෙත ගමන් නොකළහොත් වුහාන් නගරයේ අද තත්වය අනාගත ලෝකයේ නගරවල සාමාන්‍ය තත්වයක් බවට පත්වෙනු ඇත.
අප ජිවත්වන ඩිස්ටෝපියා සමාජය දැනටමත් මේ විකෘතිසහගත සමාජ තත්වය අත්විදිමින් සිටීග අපි බොහෝවිට අප ගෙදර හුදකලාව සිටිමින් ආදරණිය ලෙස ඇසුරු කරන්නේ කොම්පියුටරයයි. සංනිවේදනය කරන්නේ දුරකථන මාර්ගයෙනි. අප ව්‍යායාම කරන්නේ ගෙදර කොනේ තබා ඇති ව්‍යායාම උපකරණ වලිනි. වෙනකක් තබා ලිංගික උත්තේජනයන් සන්තර්පණය කරගන්නේ කොම්පුටර් තිරයක් ඉදිරිපිට ස්වයං වින්දන ක්‍රියාවලියකිනි. කොම්පියුටරයේ බොත්තම් කීපයක් ඔබා දැමීමෙන් අපි කැමති කෑම අපි ගෙදරටම ගෙන්වා ගනී.
කොරෝනා විසින් ඇතිකරන ලද මේ බියකරු දර්ශනය විසින් කිසියම් බලාපොරොත්තුසහගත දැක්මක් ඇතිකරල තියනවාග ඇත්තම කියනවනම් එක අවස්ථාවකල වෙරසය නගරයේ පැතිරුණු කාලයේ මා සිහින දැක්කා වුහාන් නගරයේ සංචාරය කරන්න. බාගෙට අතහැර දැමු නගරයේ වීදි දිගේ ඇවිද යන්නල දැන් පාළු හොල්මං නගරයක් සේ පෙනෙන ඉතා ජනාකීර්ණව තිබු සාප්පු සංකීර්ණල පාරිභෝගිකයන් නැතත් දොරපියන් ඇරදා බලාසිටින හුදකලා කඩ සාප්පුල ඉද හිට එහෙ මෙහෙ යන කාර් එක දෙකක්ල සුදු ඇදුම් වලින් වසා ගෙන එහෙ මෙහෙ යන මිනිසුන්ල පරිභෝජනවාදය අතහැර දැමුණු අති පරිභෝජනවාදී නගර අපට අළුත් අත්දැකීමක් අත්විදවනවා.
දුක්මුසු සුන්දරතාවයකින් පිරුණු මේ හොන්කොන්ල ෂැන්හයි වැනි හිස් නගර මා හට පස්චාත් ව්‍යසන සමාජ චිත්‍රපට මතක් වෙනව On the beach නම් වූ චිත්‍රපටයේ කියවෙන්නේ මිනිසුන්ගෙන් හිස් වූ නගරයක් ගැන. මිනිස් තදබදයෙන් හෙම්බත් නොවූ නගරය අමුත්තන් පිළිගැනීමට බලා සිටී. සුදු ඇදගත් මිනිසුන් අතලොස්ස පවා සුහදශීලිව අමුත්තන් පිළිගනී. මේ දෘශ්‍යවන්නේ සමාජ තෙරපුමෙන් නිදහස් වූ සමාජයක සුන්දරත්වයයි.
සමහරුන්ට මතක ඇති 1966 ප්‍රසිද්ධ වූ ශිෂ්‍ය ව්‍යවස්ථාවග එහි සටන්පාඨය වුවේිකාලයෙන් උපරිම ප්‍රයෝජනය – සම්භාධක නැති විනෝදය (to live without dead time, to enjoy without obstacles) යන්නයි.
ෆොයිඩ් සහ ලැකාන් අපට උගන්වන්නේ මේ සූත්‍රයයිග ලැකාන් නිශ්චිත ලෙස විවරණයට ලක්කළ මිනිසාගේ සුපිරි ඉගෝව (superego) මිනිසාගේ විනෝද සාධකයේ මූලික කාරණය එයයි. එය කිසියම් දෙයක් නවතා දැමීමේ නිශේධනාත්මක කාරණයක් නොවේ. එය විනාෂකාරිත්වයේ ලක්ෂණයක්.
කාලයෙන් ප්‍රයෝජන ගැනීම – නවතා දැමීමේ කාලය යන සංකල්පය ඉපැරණි ගුප්ත විද්‍යාවක් එය හදුන්වන්නේ Gelassenheit ලෙසින්. සැබවින්ම මෙය නැවත නිදහස් කිරීමක් නැතිනම් පුනර්ජීවනය කිරීමක්. කොරෝනවෙරස් නිසා හදිස්සියේ උද්ගතවූ චීනයේ ජනාකීර්ණ නගර වල නිදහස් නිසොල්මන් කාලය එම රටේ වැසියන්ට තම ජන ජිවිතයේ අවාසනාව ගැන හිතන්නට අවකාශය හදල දීල තියනවා.
මෙවැනි චින්තනයන් ප්‍රකාශයට පත්කිරීම නිසා ඇතිවන අවදානම ගැන මට අදහසක් තියනවා. ඉතා සුරක්ෂිත තැනක සිට චීනයේ වින්දිතයන් ගැන සත්‍යවාදී උපකල්පනයන් කරන නරුම ආකල්පයක් මට නෑ . සුදු මුකවාඩම් පැළදගෙන වුහාන් නගරයේ විදියක කෑම හෝ බෙහෙත් සොයමින් ඇවිද යන කෙනෙක් ලග නියත වශයෙන්ම නිර් පාරිභෝගික සිතුවිලි නෑග ඔහු හෝ ඇය ලග තියෙන්නේ බිය නැතිනම් තරහ. මා මෙහි මතුකරන්නට උත්සහ කරන්නේ මේ අවාසනාවන්තල හිතන්නට පවා අපහසු සිද්ධි වල පවා අප නොසිතන සුභවාදී ප්‍රතිවිපාක අඩංගු වෙලා තියනවා.
Carlo Ginzburg නම් චින්තකයා වරක් යෝජනා කරනවා කිසියම් අයෙක් තම රට ගැන ලැජ්ජා වෙනවනම්ල ඔහු තම රටට ආදරය කිරීමේ දී ප්‍රශ්නකාරී වෙනවනම් එම තැනත්තා සැබෑ ලෙසම එම රටට අයිති අයෙක් බව. ඊශ්‍රායල් අගමැති නෙතන්යානු ට හෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනයට එරෙහි වෙන අය ගැන හිතන්න. සමහර රැඩිකල් මිනිසුන් තමා යුදෙව්වෙක් වීම ගැන ලජ්ජා වනවා. සැබවින්ම ඔවුන් විරෝධය දක්වන්නේ ගාසා තීරයේ සිදුකරන නෙටන්නියානු දේශපාලනයට සහ එය යුදෙව්වදයට කෙතරම් අනනුකුලද යන කාරණයටයි. එසේම බ්‍ර්තාන්‍ය වැසියන්ට කිසියම් තීරණාත්මක අවස්ථාවකදී යුරෝපයෙන් වෙන්වීමේ කාරණය සම්බන්ධයෙන් දෘෂ්ටිවාදිමය පසුතැවිලක් අත්විදීමේ අවස්ථාවක් තියනවා.
නමුත් වුහාන් වැසියන්ට තම නගරය ගැන ලජ්ජා වීමට හෝ පසුතැවීමට කාලය මෙය නොවේ. ඔවුන් සෙමෙන් හා ඉවසිලිවන්තව තම ජීවත්වීමේ අරගලය ගෙනයාවි. නමුත් චීනයේ ලැජ්ජාවට පත්වන්නේ මේ උවදුර ගැන ප්‍රසිද්ධියේ කම්පා වී පුද්ගලිකව ඉන් ගැලවීමට උත්සහ කල අයයි. මේ තත්වය අපට සම කල හැක්කේ චර්නොබිල් නයෂ්ටික අනතුර හමුවේ පවුල් පිටින් රටෙන් පලාගිය පැරණි සෝවියට් ඒජන්තවරු සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයෑම ගැන ප්‍රසිද්ධියේ කථාකරන ඉහල නිලධාරින් තමන්ට ජීවත්වීම සදහා නවසීලන්තයේ කදුකර ප්‍රදේශ වල නිවාස තනාගෙන පුත්ගලිකව ආරක්ෂා වීමයි.
පාලකයන්ගේ මෙවැනි ද්විත්ව රංගනයන් ගැන මහජන විරෝධයන් නිසා චීන පාලකයන්ට දැන් විනිවිදභාවයෙන් යුතුව වැඩ කරන්න සිදුවෙලා තියනවා. මෙම තත්වය තවදුරටත් වර්ධනය වී අළුත් දේශපාලන ප්‍රවනතාවයක් දක්වා වර්ධනය විය හැකියි. එවිට චීනය නිරෝධනයකට ලක්කිරීමට උත්සහ කල අයට ආයෙත් ලැජ්ජා වීමට සිදුවේවි.