විවාහය යනු – කුමාර හෙට්ටිආරච්චි

කේතලය සහ වතුර
දෙකක් නොව
එකක් සේ ගැනීම ය.

තේ වතුර බිව් පසුව
කේතලය බදාගෙන සිටීම ය.

බත් සහ පරිප්පු යනු
දෙකක් නොව
එකක් සේ ගැනීම ය.

අනාගෙන කෑ පසුව
පිඟානට ආදරය කිරීම ය.

පාන් සහ බටර් යනු
දෙකක් නොව
එකක් සේ ගැනීම ය.

පාන් කා වතුර බී
බේකරිය ගැන කතා කිරීම ය.

සීවලී පින්තූරයේ
පාත්තරය දිහා බලමින්
කොත්තු රොටි සුවඳක්
ආඝ්‍රාණය කිරීම ය.

හෙම්බිරිස්සාව වුව
නාස් දෙකටත් හොරා
උරාගෙන සිටීම ය.

සාමකාමී ලෙසින්
බෙදාගෙන හොටු දියර ගැලීම ය.

කකුල් දෙකකින්
ඇවිදගෙන ආ ජීවිතයට
කකුල් හතරක් සවි කිරීම ය.

ඉන් පසු
හතර ගාතෙන් පෙම් කිරීම ය.

කිති කවා ගනු පිණිස
කිහිලි දෙක
කිහිලි හතරක් බවට හැරීම ය.

තිබුණු දත් තිස් දෙකට
තවත් දත් තිස් දෙකක්
එකට බැඳ
දිව දෙකෙන් කතා බහ කිරීම ය.

දත් බුරුසුවෙන්
කොණ්ඩය පීරා
පනාවෙන් දත් මැද
මූණ බලන කණ්නාඩියෙන්
රාහු කාලය බැලීම ය.

රෙදි වැලේ
එක ළඟින් වේලෙනා
යට ඇඳුම්
උද්ධමනය ගැන කතා කිරීම ය.

පුරා පාළොස්සකට
කුකුළ් මස් නොකා සිට
අමාවක පෝ දාට
ජනේලෙන් හඳ දිහා බැලීම ය.

මිත්‍රවරුනි
මෙහෙම බැලුවා ම
විවාහය
හිතනවාට වඩා සුන්දර ‍ය.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...