පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙනලු

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පවසා තිබේ. කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය රවී සෙනෙවිරත්න විසින් මහ මොළකරු ඉන්දියාව බව පැවසූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතැයි පැවසේ.

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පවසා ඇත්තේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ කැඳවීමකට අනුව තමන් එහි පෙනී සිටි බවත්, එම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් තහවුරු කරන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. නිසාම් කාරියප්පර් කල විමසිමකදියි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙමෙ විමසීම සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිසාම් කාරියප්පර් සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ තමා කළ විමසීමක දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව පැවසූ බවයි.

කෙසේවෙතත් දැන් මතුවන ප්‍රශ්නය වන්නේ මහ මොළකරු දන්නේ නම් ඒ පිළිබඳ ජනතාවට හෙළි නොකරන්නේ මන්ද යන්නයි. එසේම එවැනි මහ මොලකරුවෙකු ගැන දන්නේ නම් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අවශ්‍ය දඬුවම් ලබා නොදෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...