පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙනලු

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පවසා තිබේ. කෙසේවෙතත් ඇතැම් මාධ්‍ය රවී සෙනෙවිරත්න විසින් මහ මොළකරු ඉන්දියාව බව පැවසූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇතැයි පැවසේ.

මෙම අසත්‍ය පුවත සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න පවසා ඇත්තේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ කැඳවීමකට අනුව තමන් එහි පෙනී සිටි බවත්, එම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බවට තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවටත් තහවුරු කරන බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. නිසාම් කාරියප්පර් කල විමසිමකදියි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙමෙ විමසීම සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් නිසාම් කාරියප්පර් සිය x ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ තමා කළ විමසීමක දී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇති බව පැවසූ බවයි.

කෙසේවෙතත් දැන් මතුවන ප්‍රශ්නය වන්නේ මහ මොළකරු දන්නේ නම් ඒ පිළිබඳ ජනතාවට හෙළි නොකරන්නේ මන්ද යන්නයි. එසේම එවැනි මහ මොලකරුවෙකු ගැන දන්නේ නම් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අවශ්‍ය දඬුවම් ලබා නොදෙන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...