වැටුපේ සම්පූර්ණ කොටස ඉල්ලා ගුරු – විදුහල්පති වර්ජනය හෙටත්

කොළඹ කොටුවේදී අද (26) පැවැති ගුරු උද්ඝෝෂණයට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වා හෙට (27) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු සංගම් පවසා තිබේ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසා ඇත්තේ සාමකාමීව පැවැත්වූ ගුරු විරෝධතාවය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය දැඩිව හෙළා දකින බවයි.

මේ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග හෙට දිනයේ දැනුම්දෙන බවත් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් දිනාගන්නා තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජෝසප් ස්ටාර්ලින් සදහන් කර ඇත.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ විරෝධතා පාගමන සදහා දැවැන්ත ගුරු හා විදුහල්පති සහභාගීත්වයක් තිබුණි.

එය විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදී මාධ්‍යවේදීන්ද ප්‍රහාරයට ලක්වුණා.

මීට වසර 28කට පමණ පෙර BC පෙරේරා වැටුප් කොමිසම මගින් පහත හෙලන ලද වැටුප ඉල්ලා 2021 දී ගුරු විදුහල්පති සමිති සන්ධානය විසින් අරගල කරන ලදී. එහිදී දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක ගුරුවරු සංවිධානය වී අරගල කළ අතර පසුවද එය දීප ව්‍යාප්ත දැවැන්ත අරගලයක් බවට පරිවර්තනය විය. එය අහිමි කළ වැටුපින් කොටසක් දිනා ගැනීමේ ජයග්‍රහණය දක්වා ඇදී ගියේය. එම වෘත්ති අරගලය බොහෝ වීදි සටන් සඳහා උත්තේජන සැපයීය. එමෙන්ම එය බලයට පත් වූ ජනාධිපතිවරයෙක් පලවා හැරීම දක්වාම දිගු විය.
.
2021 දී පොරොන්දු වූ ඉතිරි අඩ වැටුප මේ වන විට ගුරුවරුන්ට ලැබීමට නියමිතව තිබුණි. එහෙත් එය ආණ්ඩුව විසින් කල්මරමින් පසුපසට තල්ලු කරමින් සිටී. විශේෂත්වය නම් මෙම ආණ්ඩු නිදහස් අධ්‍යාපනය පිළිබඳව වගකීම් සහගත නොවීමයි.
.
ඒ අනුව අද (ජූනි 26 )දින ගුරු විදුහල්පති වෘත්තීය සමිති සියල්ල එකතු වී අසනීප නිවාඩු වාර්තා කර කොළඹට රැස්විය. දහස් ගණනකට අධික ගුරුවරු කොටුව දුම්රිය පළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගොස් තම හිග අඩ වැටුප ඉල්ලා සිටින ලදී. ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කළේ මෙම අරගලයේ අද දිනයේ නිශ්චිත සන්ධිස්ථානයක් වන බවයි.
.
“අද අපි ආවේ හිස් අතින් යන්න නෙවෙයි. මේ ආවේ ඇගේ අමාරුව හොඳ කරගන්න නෙවෙයි. ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට පරිපූරක ඇස්තමේන්තු හරහා වාහන ගෙන්වන්න පුළුවන්නම්, මිලියන ගණන්වලින් ඒ අයට ඒ අයගේ ව්‍යාපෘති කරන්න පුළුවන්නම්, අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න, වැටුප් ගෙවන්න, වියදම් කරන්න බැරි කමක් නැහැ. ඒ නිසා ගුරුවරුන්ට හිමි වැටුප් ගෙවිය යුතුයි. වැටුප් වැඩි කිරීම් කළ යුතුයි. අපි මේ ආවේ ඒක බේරගන්න”

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...