Breaking News

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක

ක්ශේත්‍ර නිළධාරීන් ලෙස නම් කර තිබෙන අප දෙපාර්තමේන්තු නිළදාරීන් හට අතිකාල ගෙවීමට නොහැකි බව පවසන පරිපාලනය සමග ඇතිකර ගත් වසර ගනනාවක අරගලයකින් පසු දිනාගත් දීමනාව දිරිදීමනාව නම් වේ.මෙම දීමනාව අතිකාල වෙනුවෙන් කරනු ලබන දීමනාවක් ලෙස අධ්‍යක්ශ ජනරාල්වාරයා අර්ථ දක්වා ඇත. ආයතන සංග්‍රහය තුල ක්ශේත්‍ර නිළධාරීන්ට අතිකාල හිමි නොවන බව සඳහන් වුවද,රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 33/2017 අංක දරණ චක්‍රලේඛයෙහි ක්ශේත්‍ර නිළධාරී නාම ලේඛනයේ අපගේ මෙන්ම නම් සඳහන් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ශක නිළධාරීන් අතිකාල ලබා ගන්නා ආකාරය පිළිබඳ නිවැරදි අධ්‍යනයක් අප දෙපාර්ථමේන්තු පරිපාලනය සිදු කලේ නම් අප අතීතයේ සිට වරින් වර සිදු කරන දිරිදීමනා අරගලයට දිගුකාලීන පිළිතුරක් මේ වන විට ලබාගත හැකිවනු ඇත.නමුත් එයට පිළිතුරක් සෙවීමට පරිපාලනය ගත් උත්සහයක් නොමැත.එනමුත් ක්ශේත්‍රයේ සිටින දීමනා ලබන නිළධාරියකු ප්‍රධාන කාර්‍යාලයේ දුරකතන පනිවුඩ ඒකකයට ස්ථාන මාරුවක් ලබා රාජකාරි වාර්තා කලහොත් ඔහුට හෝ ඇයට අතිකාල හිමි වේ.ඒ අනුව එකම තනතුරෙහි කොටසකට දීමනාවක් සහ තවත් කොටසකට අතිකාලද හිමි වේ.ඒ අනුව මෙම අතිකාල ගැටළුව දෙපාර්තමේන්තු පරිපාලනයේ උවමනාව මත විසඳිය හැකි හෝ නොහැකි ගැටළුවක් බව පෙනී යනු ඇත.

  1. ඒ අයුරින් අපහට අතිකාල ලබා දිය නොහැකි නම් අපවෙත පනවා ඇති කොන්දේසි වලට ගැලපෙන සේ දීමනාවක් ලබා දෙන ලෙස අප දිගින් දිගටම අරගල කලෙමු. නමුත් එයටද ස්ථිර සහ පැහැදිලි විසඳුමක් ලබා දීමට පරිපාලනය මේ වන තෙක් අසමත්ව ඇත.අපහට ගෙවනු ලබන දීමනාවට අදාලව කෙටි පැහැදිලිකිරීමක් මෙසේය.

(2019 වර්ශයේදී (අළුතින්ම)බඳවා ගත් නියාමක නිළධාරියකුගේ මේ වන විට පවතින වැටුපට අනුව හිමි වියයුතු අතිකාල පැයක ගෙවීම රු 115.58කි.ඒ අනුව මේ වන විට අතිකාල වෙනුවෙන් සිදු කරන ගෙවීම වන රු 11,500.00 ක දිරිදීමනාව එම පැයක ගෙවීමෙන් බෙදූ විට ලැබෙන අතිකාල ප්‍රමානය පැය 99 කි.එසේම වසර දහයක කාලයක් සම්පූර්ණ කරනු ලබන නියාමක නිළධාරියකුගේ පැය 91ක අතිකාල වලට අනුරූපී දීමනාවකි.නමුත් මෙම දීමනාව ලබා ගැනීම සඳහා අපවෙත පනවා ඇති රාත්‍රී දහයක් රාජකාරී කලයුතුය යන කොන්දේසිය තුලින් පමනක් අතිකාල පැය සියය පහසුවෙන්ම ඉක්මවා යන අතර ඊට අමතරව පනවා ඇති පොරොත්තු රාජකාරි දින 11 ක් යන කොන්දේසියද සපිරීමේදී ආයතන සංග්‍රහය තුල පවතින ප්‍රථිපාදන අනුව අතිකාල පැය දෙසියයකට අධික කාලයක් අප නිළධාරීන් සේවය කරනු ලබයි)

  1. ඒ අනුව අප සිදු කරන සේවයට අදාලව ගෙවීමක් සිදු කිරීමට පරිපාලනය අපොහොසත් වීම හේතුවෙන් අවසානයේ අපගේ ගෙවීමට සරිලන සේ කොන්දේසි ලිහිල් කරදෙන ලෙස අප දිගින් දිගටම ඉල්ලා සිටියෙමු.අරගල කලෙමු.

  2. මෙම පිළිතුරු තුනෙන් කුමක් හෝ පිළිතුරක් ලබා ගැනීම වෙනුවෙන් අප විසින් කරන ලද දැවැන්ත අරගලයකින් පසු අපගේ ඉල්ලීම් ලබාගෙන එයට පිළිතුරු ලෙස අධ්‍යක්ශ ජනරාල්තුමා මෙම ඉල්ලීම් සධාරණ ලෙස ප්‍රකාශ කරමින් එම ඉල්ලීම් තුනෙන් එකක් ඉටු කර දෙන බවට 2019.11.01 දින ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලදී.වසර තුනකට ආසන්න කාලයක් ගතව ඇතත් මේ වන තෙක් එම ලිඛිත පොරොන්දුවෙන් කිසිවක් ඉටුකරදීමට පරිපාලනය කටයුතු නොකිරීම පිළිබඳ අපහට තිබෙනුයේ දැඩි අප්‍රසාදයකි.ඉල්ලීම්,සිහිකැඳවීම් කොතෙකුත් කලද ඒ සියල්ල බීරි අලින්ට වීනා වයන්නක් සේ අප ලැබූ පිළිතුරක් නොමැත.

05.එබැවින් අප මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කලෙමු.ඒ අනුව 2022.09.23 වන දින සිට අප සාමාජික නිළධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වනු ඇත.ඒ අනුව සාමාන්‍ය රාජ්‍ය සේවයට අනුරූපීව පෙ:ව 8.30 සිට ප:ව 4.15 දක්වා නිවාඩු නොවන සතියේ දිනයන්හි රාජකාරි සිදු කරන අතර අපගේ රාජකාරි කාලයෙන් පසු කිසිදු රාජකාරියකට සම්භන්ධ නොවනු ඇත.ඒ අනුව වන අලි පලවා හැරීම්,උද්‍යාන තුල සංචාරක කටයුතු ආදි සියළු රාජකාරි අඩපන වනු ඇති අතර රක්ශිත තුල සිදුවන වන අපරාධයන්ද දැඩි ලෙස ඉහල යනු ඇත.

06.මෙම ගැටළුව මෙසේ තිබියදී අප වෘත්තීය අරගලය පිළිබඳ දැනුවත් කිරීමෙන් පසුව අධ්‍යක්ශ ජනරාල්වරයා විසින් අනෙක් අතිකාල ලබන්නා වූ නිළධාරීන්ගේද ප:ව 6.00 න් පසු අතිකාල නවත්වා ඇත.ඒ අනුව රාජකාරි සිදු කිරීමට සිටි අතලොස්සක් වූ සේවක ප්‍රමානයද රාජකාරි වලින් ඉවත් කර ඇත.ඒ පිළිබඳ එම වෘත්තීය සමිතීන්ද අධ්‍යක්ශ ජනරාල්වරයා දැනුවත් කිරීම් මේ වන විට සිදු කර ඇත.ඒ අනුව ඉදිරි කාලය තුලදී සිදුවන සං‍රක්ෂණ කඩා වැටීම පිළිබඳව අප, වෘත්තීය සමිතියක් ලෙස අතිශයින්ම කණගාටු වන්නෙමු.

Click to access niwadu.pdf

leave a reply