මත්පැන් බලපත්‍ර ලබාගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද එලියට 

උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ටත් මත්පැන් බලපත්‍ර ඇති බව ප්‍රකාශ කළ . විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා එළිපිට ඒවා පිළිගත්තා. නමුත් තවමත්  බාර පර්මිට් ලබාගත් මන්ත්‍රීවරුන් ගේ ලැයිස්තුව එලියට නොදැමීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමණික්කම් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා . මත්පැන් බලපත්‍ ලබාගත් මන්ත්‍රීවරුන් පිළිබඳ පරීක්‍ෂණ පවත්වන බව ආණ්ඩුව ප්‍රකාශ කළා . මෙරටේ ජනතාවට ඔවුන් පිළිබඳව දැන ගැනීමට අයිතියක් ඇති බව එහිදී කියා සිටියා . එසේ මත්පැන් බලපත්‍ ලබාගත් අයගේ නාම ලේඛනය ජනගත කරන්න කියා මන්ත්‍රීවරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා පිළිතුරු ලබා දුන්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්සයි .

රාමලිංගම් මන්ත්‍රීවරයාගේ පැනයට පිළිතුරු සපයමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස කියා සිටියේ අද සවස් භාගයේ දී මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි . එමෙන්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇති බවද ඔහු කියා සිටියා

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...