අරගලකරුවන්ට පහරදීමට සිරකරුවන් යොදාගත්තේද යන්න ගැන විමර්ශනයක්

ගෝල්ෆේස් අරගලය් සිටින සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සඳහා වටරැක බන්ධනාගාරයේ රැඳවියන් යොදා ගැනීමේ සිදුවීම ගැන විමර්ශනයක් ආරම්භ වී තිබේ.

මේ සැකය නිර්මාණය වූයේ සිරකරුවන්යැ යි කියන පිරිකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් අනතුරුව ය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කටයුතු යොදා තිබේ.

ජනාධිපති කාර්යාලය අසල සහ අරලියගහ මන්දිරය අසල දී එල්ලවූ ප්‍රහාරයන්ට වටරැක බන්ධනාගාර රැඳවියන් සම්බන්ධ වූයේදැ යි විමසීම සඳහා අද දිනයේ දී (මැයි 12) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ තවත් නිලධාරියෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

සාමකාමී විරෝධාතාකරුවන්ට පහරදුන්බවට චෝදනා නගමින් ජනතාව විසින් රඳවාගෙන සිටි පිරිසක් පිළිබඳ වීඩියෝවක් පසුගිය 09 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...