හෝටලයක් කතා කරයි….

මගේ නම ඩුබායි මැරියට් ය.
මම කාමර 351ක් හා
නිවාස 128කින් සමන්විත ඩුබායිහි පිහිටි සුපිරි හෝටලයක්මි.
මාව හදා නිම කරන්නට
ශ්‍රී ලංකා රුපියල් කෝටි 2972ක් වියදම් වී ඇතිබව කියනවාය.
මගේ හිමිකරු ශ්‍රී ලංකාව නම්
ඉතා දුප්පත් දුපතේ
ඉතාම දුප්පත් දුර ඈත ගමක් වන
අනුරාධපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චියේ ඉපදුණු
නන්දන ලොකුවිතාන නම් කෙනෙකි.
මට මේ හදිසියේම මා ගැනම කියන්නට වුයේ
මම ගැන මට වඩා
වෙන කොහෙවත් යන එක එක රාළලා
කියවන්නට පටන් ගෙන ඇති නිසාවෙනි.
මගේ හිමිකරු යයි කියන කෙනා කියන විදියටනම්
එයා මාරම මාර පොරක්ය.
එයා 1989 මේ ඩුබායි රටට ඇවිත් ඇත්තේ
ඇඟලුම් ෆැක්ටරියක සේවය කිරීම සඳහාය.
ඒ මාසෙකට ඩොලර් 225ක පමණ පඩියකටයි.
එවැනි සුළු පඩියකින්
අවුරුදු 25ක්ම සතෙන් සතේ ඉතුරු කොට
මම වැනි ඩොලර් කෝටි 22.5ක් වටිනා හෝටලයක් හදා ඇත.
එයාගේ තාත්තා විදුහල්පතිවරයකු වන අතර
තම නිවසේ වහලයේ පීල්ල
කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත්
හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු
වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බවත් නිතර පවසයි.
අවුරුදු 25ක් යනු මාස 300කි.
ඩොලර් කෝටි 22ක් උපයා ගැනීමට
අවම වශයෙන් මාසයකට ඩොලර් 750,000ක් ඉක්මවා
ඉපයිය යුතුය.
ඩොලර් 225ක මාසික වැටුපක් සඳහා
ඩුබායි ගිය තරුණයෙක් වන මගේ හිමිකරු යයි කියා ගන්න කෙනා
පට්ටම පට්ට චරිතයක් වන්නේ ඒ නිසාය.
ඒ විතරක් නම් කමක් නැත.
එයා ඩොලර් මිලියන 48ක් වැය කරමින්
ශ්‍රී ලංකා දූපතේ වානේ සංස්ථාවද මිලදී ගෙන තියනවලු.
මේ අල්ලපනල්ලේ අර දූපතේ කලින් රජකම් කල
මැදමුලන පැත්තේ හාදයෙක්
ඩුබායි මැරියට් හෝටලය
එයාගේ නෙවෙයි කියා
දහ අතේ දිවුරනවාලු.
මගේ අයිතිකාරයා කියාගන්න මේ
නන්දන ලොකුවිතාන මහත්තයත් මම,
මැදමුලන පරණ රජාගේ නොවේ යයි දිවුරනවාලු.
අනේ මන්දා ..මට නම් මේවා අහලා පිස්සු වාගේය.
ඒ කියන්නේ හෝටලයකට පිස්සු හදිලාය.
මට මගේ අයිති කාරයා කවුරු වූවත්
අර ලංකාවේ කලින් හිටි රජාගේ වෙන්නට නම් බැරිය.
මිනිස්සු කියන්නේ ඒ රජාගේ සල්ලි යනු
ඒ දූපතේ දෙකෝටියක් වූ අහිංසක ජහ මනයාගේ
රීරි මාංසේ බවයි.
ඒ රජා ඒ තරමට දැහැමින් සෙමෙන්
ඒ මිනිස්සුන්ගේ සේසතම මංකොල්ල කෑවාලු .
ඉතින් මම හැඬු කඳුලින් ප්‍රාර්ථනා කරන්නේ
හීනෙන්වත් මගේ හිමිකරු
ලංකාවේ මැදමුලන මහින්ද නම් නොවේවා කියාය.
මම නොදැනුවත්ව හරි ඔහු මගේ හිමිකරු නම්
මහා භුමි කම්පාවක් වී මා මහපොළවට කඩා වැටී විනාශ වේවා යයි මම ප්‍රර්ථනා කරමි.

 

Share post:

Popular

වෙනත් පුවත්

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...

ආණ්ඩුව සාලිය පිරිස්ට උත්තර දෙයි

පච්ච කොටාගැනීම හෝ කොණ්ඩය වවාගැනීම වැනි කාරණා පදනම් කරගනිමින්...

ජනතාව පාරට එනකොට ප්‍රභූන්ගෙ විතරක් නෙමෙයි ‘නිව්ප්‍රභූන්ගෙත්’ කකුල් වෙව්ලනවා – පුබුදු ජයගොඩ

ආණ්ඩුව මෑතකදී ගෙනා 22 සංශෝධනය, රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ...