Breaking News

පාලන මිලත් එක්කම අත්‍යවශ්‍ය කොමසාරිස් ධූරයත් අහෝසියි

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ සේවය තව දුරටත් අවශ්‍ය නොවන බැවින් සේවය අවසන් කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (5) පස්වරුවේ පැවසීය.

අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්ය බාරය අවශ්‍ය නොවන බව රජය තීරණය කළ බව කී රාජ්‍ය අමාත්‍ය අලගියවන්න පැවසුවේ එම නීතිය රජය මාසයකට පමණක් සම්මත කළ එකක් බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළේ සේවයේ නියුතු නිවුන්හැල්ල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ලෙස නම් කිරීමෙන් පසුවයි.

2021 අගෝස්තු 30 වන දින මේජර් ජෙනරාල් නිවුන්හැල්ලගේ පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය නිවේදනය කරන ලදි.

මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුව පැවරී ඇති බලතල අනුව, 2021 අගෝස්තු 30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අත්‍යාවශ්‍ය ආහාර සැපයීම පිළිබඳ 5 වැනි වගන්තියට අනුව සකස් කරන ලද හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

කෙසේ වෙතත් මේවනවිට මිල පාලනය ඉවත් කර ඇති අතර කොරෝනා පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්‍ෂණ, ඩෙංගු ඇන්ටිජන් පරීක්‍ෂණය සහ වතුර බෝතල්වලට පනවා ඇති පාලන මිල හතර පමණක් මේ වන විට පවතින බව වාර්තා වේ.

 

leave a reply