Breaking News

සහල් අර්බුදයට පිළියමක් ලෙස යෝජනා කළ සහල් ආනයන ක්‍රියා වෙන්ද ආණ්ඩුව පරාදයි .

මේ වෙළෙඳ ඒකාධිකාරය එක්ක හැප්පෙන එක පැත්තක තියලා ආණ්ඩුව තීරණය කලා පිටරටින් සහල් තොග ගෙන්නන්න. එතනදි ආණ්ඩුව හිතුවා මහාපරිමාණ සහල් මෝල් හිමියෝ වගේ නැතුව සහල් ආනයනය කරන සමාගම් සාධාරණව සහල් ගෙන්නල වෙළඳපොලට නිකුත් කරයි කියලා. නමුත් ඔවුනුත් අන්තිමේදි සහල් ගෙන්නුවේ මිළ වැඩි කිරීමක් කලාට පස්සේ.

දැනට වරායෙන් සහල් මෙට්‍රික්ටොන් 79,000ක් නිශ්කාශනය කරල තියනවා. නමුත් වෙළඳපොලේ සහල් හිඟය තවම විසඳිලා නැහැ. අපිට තොරතුරු ලැබිල තියෙන විදිහට සහල් ආනයනය කරන සමාගම් ගෙන්නපු සහල් තොග වැඩි මිළට පිටි නිශ්පාදනයට සහ සත්ත්ව ආහාර නිශ්පාදනයට යොදවමින් ඉන්නවා. මේක ඉතාම බරපතළ තත්වයක්. ආණ්ඩුව ඉක්මනින් මේ සඳහා පියවරක් ගත යුතුයි.

දැන් මහාපරිමාණ සහල් සමාගම් එක්ක හැප්පෙන්න සහල් වෙළඳපොලේ පාලනය රජය යටතට ගන්නවා වගේ කතා ගොඩක් ආණ්ඩුව කිව්වා. නමුත් ව්‍යාපාරිකයෝ සහල් මෙට්‍රික්ටොන් 79,000ක් ගෙන්නද්දි රාජ්‍ය විවිධ සේවා නීතිගත සංස්ථාවෙන් සහල් මෙට්‍රික්ටොන් 780යි ගෙනල්ල තියෙන්නේ. රටේ දෛනික සහල් අවශ්‍යතාවයෙන් 10%ක්වත් සම්පූර්ණ කරන්න ඒ ප්‍රමාණයට හැකියාවක් නෑ.

වෙළඳපොල තුළ තවමත් පවතින සහල් හිඟය සම්බන්ධයෙන් අදහස් දැකිවීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද ( 2025 – 01 – 01 ) දින නුගේගොඩ පක්ෂ කාර්‍යාලයේදී  පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළා 

leave a reply