Breaking News

දේශපාලන හස්තයකින් රැකවරණ ලබන වීරක්කොඩි ගේ වකුගඩු ජාවාරම

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වකුගඩු පිලිබඳ විශේසඥ වෛද්‍යවරයෙකි. නමුත් ඔහු වෛද්‍ය ආචාර ධර්ම කඩ කරමින් නීති විරෝධී මිනිස් අවයව ජාවාරමේ යෙදෙන්නෙකි. මෙම ජාවාරම කරගෙන යන්නේ තවත් දූෂිත වෛද්‍යවරු සහ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහායෙනි. මෙය මාෆියාවක් ලෙස නම් කල හැකිය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු පිරිසක් නීති විරෝධී වකුගඩු ජාවාරමකට සම් බන් ධ බව ඉන්දියානු පොලිසිය විසින් සොයා ගනු ලැබීය. මේ පිලිබඳව හිංදු පුවත්පත විසින් වාර්තා කරන ලදි. ප්‍රවෘත්ති වාර්තාකරු මිරැන්ඩා ප්‍රින්න් පවසන පරිදි වකුගඩු බද්ධ කිරීම් බලාපොරොත්තුවෙන් සිටින බ්‍රිතාන්‍ය රෝගීන් ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහල්වල නීතිවිරෝධී ලෙස වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් වලට භාජනය වී ඇත (මූලාශ්‍රය හිංදු පුවත්පත). මෙම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම පිලිබඳව ඉන්දියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසිය දැණුවත් කරන ලදි. මෙහිදී එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මේ පිලිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන ලදි. එහි මූලිකත්වය දැරුවේ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාය. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්‌ වන නිසා වකුගඩු ජාවාරම් පරීක්‍ෂණ සෞඛ්‍ය අමාත්‍යාශයට නොපවරන්නැයි කියමින් මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි මීට එරෙහි වූහ. නමුත් කමිටුව පත් වූ අතර පසුව වකුගඩු මාෆියාව විසින් කමිටුව අක්‍රිය කොට වාර්තා හමස් පෙට්ටියට යවන ලදි. තවද වකුගඩු මාෆියාව විසින් අල්ලස් දීමෙන් වගකිවයුතු නිලධාරීන් මිලදී ගනු ලැබීය. වකුගඩු ජාවාරමට සම්බන්ධ වූ කිසිදු වෛද්‍යවරයෙකුට චෝදනා ගොනු වූයේ නැත. ඉන් පසුව නීති විරෝධී වකුගඩු ජාවාරම ලංකාවේ බොහෝ ප්‍රදේශ වල පැතිරී ගියේය. මෙම වකුගඩු ජාවාරම ගැන පරීක්‍ෂණ අතරමග නවත්වා දැමීම පිලිබඳව දිවයින මාධ්‍යවේදිනී ඒමන්ති මාරඹේ විසින් ප්‍රශ්න කරන ලදි. වකුගඩු ජාවාරමේ සුලමුල සොයන ලෙස හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී (ජ.වි.පෙ) වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද අවධාරණය කලේය. නමුත් ඉන් එලක් වූයේ නැත. ශ්‍රී ලංකාව ආසියාවේ විශාලතම මිනිස් අවයව වෙළඳපොල බවට පත් විය.

නීති විරෝධී වකුගඩු ජාවාරමේදී රෝගියාගෙන් ලක්‍ෂ 30 -40 ක පමණ මුදලක් අය කර ගන්නා අතර වකුගඩු දායකයාට ලක්‍ෂ 5ක මුදලක් දෙනු ලැබේ, ඉතිරි ලක්‍ෂ 25 ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරු සහ රෝහල බෙදා ගනිති. ලංකාවේ 1987 අංක 48 දරන ශරීර අවයව බද්ධ කිරීමේ පනත ලිහිල් නිසා ඉන්දියාව, මලයාසියාව , තායිලන්තය යන රට වල රෝගීන් වකුගඩු බද්ධ කර ගැනීම සඳහා ලංකාවට පැමිනෙති. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් 2500 කට අධික සංඛ්‍යාවක් සිදුකර තිබේ. එහෙත් ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු කොට තිබෙන බව වාර්තා වෙයි. හොර වකුගඩු ජාවාරමට වෛද්‍යවරුන් කීප දෙනෙකු පිලිබඳව වාර්තා වන බව සිළුමිණ සුනිල් දයා අල්විස් පෙන්වා දුන්නේය. මොවුන් අතරින් වෛද්‍ය මොනික් අඹේපිටිය , වෛද්‍ය හබීබා සහීෆ් ,වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි , යන අය පිලිබඳව වාර්තා වී තිබේ.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන විට ඔහු තැරැව්කරුවන් මගින් ද්‍රවිඩ තරුණයන් වකුගඩු දායකයන් කර ගත්තේය. යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ රෝග සායනයේ සේවය කල හෙදියක් විසින් හෙළි කල පරිදි තැරැව්කරුවන් කිහිප දෙනෙකු විසින් වරින් වර තරුණයන් වෛද්‍ය වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි වෙත ගෙන ආ බවත් මෙම තරුණයන්ව රෝහල් වාර්ත වල සඳහන් නොකර ඔහු විසින් පරික්‍ෂා කල බවත් වාර්තා වී තිබේ. ( මූලාශ්‍රය රාවය පුවත්පත ).

වාර්තා වන පරිදි තැරැව්කරුවෝ උතුරේ රැකියා විරහිත දුගී තරුණයන්ට රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලක් දෙන බවට පොරොන්දු වී ඔවුන්ව වකුගඩු දායකයන් කර ගනිති. ඉන්පසු ඔවුන්ව යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ. එම වෛද්‍යවරයා ඔවුන්ව පරීක්ෂා කොට සුදුසු දායකයන් රහස් අංකයක් මගින් කොළඹ සිටින තැරැව්කරුවෙකුට යොමු කරයි. එම තැරැව්කරුවා විසින් ලංකාවේදී හෝ විදේශයකදී ධනවත් පුද්ගලයෙකුට එම වකුගඩුව විකිණීම සිදු කරයි. මෙම ක්‍රියාවලියේදී දායකයාට රුපියල් ලක්ෂ 5 පමණ ලැබෙන අතර යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට එක රෝගියෙකුගෙන් රුපියල් ලක්ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. දේශීය හෝ විදේශීය වකුගඩු රෝගයෙන් පෙළෙන ධනවතුන් වකුගඩුව සඳහා ඩොලර් 122, 000 පමණ වියදම් කරති. වකුගඩුව බද්ධ කරන වෛද්‍යවරයාටද විශාල මුදලක් ලැබෙයි. (රාවය ).

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි යටතේ වකුගඩු පරිත්‍යාගශීලියා මූලික පරීක්ෂණවලට භාජනය වේ. ඔහුගේ වකුගඩු නීරෝගී බව වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සනාත කිරීමෙන් පසුව , තැරැව්කරු ශල්‍යකර්ම සඳහා පරිත්‍යාගශීලියා ශල්‍යකර්මය සඳහා මෙරට හෝ පිටරටකට යොමු කරයි. ශ්‍ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චන්ද්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ටේ්‍රලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි. මේ හැර වෛද්‍ය රංග විසින් තැරැව්කරුවන් හරහා වෙල්වැටිතුරේ දුප්පත් තරුණයන් වකුගඩු දායකයන් ලෙස ඉන්දියාව වෙතද යවා තිබූ බව වාර්තා වේ. මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ පෙන්වා දෙන පරිදි මෙම තරුණයන් බොහෝ දෙනෙකු දැන් රෝගීන් වෙති. ඔවුන් තමන් වකුගඩු විකිනූ බව කීමට තිබෙන බිය නිසා වෛද්‍යවරු වෙත නොයති.

මාතලේ මහනුවර ප‍්‍රදේශයේ වතුවල ජීවත්වෙන අඩු ආදායම්ලාභී දෙමළ තරුණ තරුණියන් රවටා දුප්පත්කම දඩමීමා කරගෙන රුපියල් ලක්‍ෂ පහක මුදලක් අතට දී වකුගඩු ගලවා ගන්නා ජාවාරමක් මහා පරිමාණයෙන් ක‍්‍රියාත්මක වූ අයුරු ලංකාදීප මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස විසින් වාර්තා කරන ලදි. මෙම ජාවාරමටද වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි සම්බන්ධය. රංග වීරක්කොඩි විසින් ඔහුගේ කුප්‍රකට ”සලාව්දීන්” හෙවත් ”කිඞ්නි සලාව්”යන තැරැව්කරුවා මගින් වතුකරයේ තරුණයන් ගේ වකුගඩු ගලවා ගන්නා ලදි. ”සලාව්දීන්” උකුවෙල නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පදිංචිව සිටින්නෙකි.

විවිධ නිදන්ගත රෝගවලින් පෙලෙන අයගේ වකුගඩු නිරෝගී වකුගඩු ලෙස ලබාදීම මෙම මාෆියාව විසින් කරන බව මාධ්‍යාවේදී ගයාන් ගාල්ලගේ පෙන්වා දෙයි. රංග වීරක්කොඩි තැරැව්කරුවෙකු හරහා වකුගඩු රෝගයකින් පෙළුණු මාගාල්ල ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකුට ගාල්ල දංගෙදර සමගිවත්තේ පදිංචිව සිටි මත් කුඩු වලට ඇබ්බැහිව සිටි තරුණයෙකුගේ වකුගඩුවක් විකිණූ කතාව තරමක් ප්‍රසිද්ධ එකකි. මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයාට මත් ලෝලියාගේ වකුගඩුව බද්ධ කළද ඔහුට වැඩි කාලයක්‌ ජීවත් වීමට හැකි වුයේ නැත. මත් ලෝලියාට රුපියල් ලක්‌ෂ තුනහමාරක මුදලක් ලැබුණු අතර ඔහු එම මුදල් වැය කලේ කුඩු ගැසීමටය. මෙහු මත් කුඩු පානය කරමින් සිටියදී ගාල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති එම්. නිමල් මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්ඩංගුවට ගන්නා ලදි.

ද්‍රවිඩ තරුණයන් ව බිල්ලට ගත් රංගලාගේ මාෆියාව දැන් බෞද්ධ භික්‍ෂූන්වද තම ග්‍රහණයට ගනිමින් සිටිති. අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩියනේම සිටින්නේ භික්‌ෂූන් ය. මොවුන් භික්‍ෂූන්වහන්සේලා වෙත තැරැව්කරුවන් යවමින් භික්‍ෂූන්වහන්සේලා වකුගඩු දායකයන් බවට පත් කරගෙන වකුගඩුවක් රුපියල් මිලියන 30- 40 අතර මුදලකට කළු කඩයේ විකුණති. මෙම මාෆියාවේ තැරැව්කරුවන් දැන් පන්සල් වල සැරි සරති.

වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි පවසන ආකාරයට ඔහු පුද්ගලික සේවයේ නොයෙදෙයි. සාමාන්‍ය මධ්‍යම පන්තියකින් ආ රංග මිගාර වීරක්කොඩි මේ වන විට විශාල ධනස්කන්දයක් උපයාගෙන තිබේ. ඔහුගේ මුදල් ඔහු පොම්ප කර තිබෙන්නේ ඕස්ට්‍රේලියාවටය. ඔහුගේ සහෝදරයා වන සිදත් වීරක්කොඩි ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. මුලදී ඉන් දියානු අවන්හලක වේටර්වරයෙකු සහ කෝකියාගේ සහායකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ වැඩ කල සිදත් වීරක්කොඩි මේ වන විට ඕස්ට්‍රේලියාවේ එපාර්ට්මන්ට් දෙකක හිමිකරුවෙකි. තවද ඔහු තම බිරිඳගේ නමටද දේපළ මිලට ගෙන ඇත. මේ මුදල් සියල්ල රංග මිගාර වීරක්කොඩි ගේ බව පැවසේ.

මේ වන විට රංග වීරක්කොඩිව පොලොන්නරුව රෝහලට මාරු කොට තිබේ. මිනිස් අවයව ජාවාරම් වලට සම්බන්ධවූ රංග මිගාර වීරක්කොඩි නම් වෛද්‍ය නිලධාරියාව පොළාන්නරුව රෝහලට එවීම පිලිබඳව පොළාන්නරුව ජනතාව විරෝධතාව දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් “අපේ පොලොන්නරුව” සංසදයේ බණ්ඩාර අබේකෝන් මහතා විසින් පොලොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා වෙත ලිඛිතව දන්වා ඇති අතර අක්‍රමිකතා වලට සම්බන්ධ රංග මිගාර වීරක්කොඩි වෙනුවට වෙනත් වෛද්‍යවරයෙකු පොළාන්නරුව රෝහලට ලබා ගැනීමට කටයුතු යොදන ලෙස ඉල්ලා තිබේ .

රංග වීරක්කොඩි ගේ මාෆියා ඉතිහාසය දන්නා නිසා පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර , වකුගඩු අංශයේ වෛද්‍ය ගලබොඩ සහ කාර්‍ය මණ්ඩලය විසින් ඔහු පිලිබඳව සෝදිසියෙන් සිටිති. වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර පගාවට නොනැමෙන සෘජු පුද්ගලයෙකු නිසා පොළොන්නරුව ප්‍රදේශය වකුගඩු මාෆියාවට අසීරු භූමියක තිබේ. එහෙත් රංගලාගේ වකුගඩු මාෆියාව දැන් මීගමුව ප්‍රදේශයේ හොල්මන් කරන බව වාර්තා වේ. මේ වන විට වකුගඩුවක මිල රුපියල් මිලියන 3-4 පමණ වෙයි. මේ මුදලින් වකුගඩු දායකයාට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ පහකටත් අඩු මුදලකි. ඉතිරි මුදල් යන්නේ මාෆියාවට සහ මාෆියාව ආරක්‍ෂා කරන ලොකු ලොකු පුද්ගලයන්ටය.

රංග මිගාර වීරක්කොඩි පිලිබඳ ලැබුණු පැමිණිලි නිසා මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (හදිසි වැටලීම් ) ඩී.එම් .සී.කේ දිසානායක මහතා විසින් ඔහු පිලිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලදි. එහෙත් මාෆියාවේ බලපෑම් මත පරීක්‍ෂණය මේ වන විට යට ගසා ඇත.

නෙත්මි පෙරේරා 

leave a reply