භූමියේ මොන මොන දේවල් සිදු වුණත්, ඒ සිදුවීම්වල මනෝවිද්‍යාව තේරුම්ගන්න තියෙන කැඩපත බවට පත්වෙලා තියෙන්නේ මුහුණු පොත(Facebook). මුහුණු පොත අපිත් නො දැන අපේම කැඩපත අනිත් අයට පෙන්නුම්කරවන්න අති දක්ෂ වෛද්‍යවරයා බවට සුකර්බර්ග් මේ වනවිට සමත් වෙලා තියෙනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. හොඳ හෝ නරක හෝ බෙදීමකට වඩා එය මිනිස් සංස්කෘතිය බවට පත් කරලා. ආත්මීය ප්‍රකාශනයන් ඔස්සේ අනන්‍යතා ප්‍රකාශනයන්ගේ අතිශය සියුම් තැන් මතු කරන්නට සමත් වෙලා තියෙනවා.
2024 ජනාධිපතිවරණය හා සම්බන්ධ දෑ මුහුණු පොත හරහා ප්‍රක්ෂේපණය කිරීම නිරීක්ෂණය කළොත් මේ තේරුම් ගැනීම පුළුල්ව දැක බලාගන්න පුලුවන්. නමුත් මේ පුළුල් වූ වපසරිය ඉතා කුඩා අංශයකට හසුකර ගන්නේ නම්, මේ කියන සමාජ මනෝවිශ්ලේෂණය තේරුම් ගන්න පුලුවන්. ඒක මේ විදිහට බලමු.
මේ සඳහා සියලු සාධක පිළිබඳ පුළුල් නිරීක්ෂණයට ගමන් කරමින් සමස්ථ සමජයම පිළිබඳ අධ්‍යනයක් සිදුකළ හැකි වුවත්, නව පාලනයක්, ඇති කළ මාලිමාව හා ඒ හා සම්බන්ධ ප්‍රොෆයිලයන් පිළිබඳ තෝරාගත් යම් කාරණාවන් පිළිබඳ මනෝවිද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක නිරීක්ෂණයන් ඔස්සේ ආත්ම මූලික සහ විෂය මූලික අධ්‍යයනයකට අවශ්‍ය උපන්‍යාසයන් කිහිපයක් වෙත අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
නිරීක්ෂණ ක්ෂේත්‍රය: මාලිමාව හා සම්බන්ධ ප්‍රොෆයිලයන් සහ ඒ ආශ්‍රිත හැසිරීම්
කාලය: (අ) සැප්තැම්බර් මාසය. (ආ). සැප්තැම්බර් 21 මාලිමාව. (ඇ) සැප්තුම්බර් 22. (ඈ) ඉන්පසු මාලිමාව හා සම්බන්ධ චාර්යාව
මේ කියන කාලය තුල තම තමන්ගේ ප්‍රොෆයිල් තුල තම තමන් පෙනී සිටි, හා සිටින ආකාරය මෙන්ම ඊට අන්තර්ගත වන දේවල්වල සිදු වන වෙනස්කම් වලින් සමාජීය වෙනස් වීම හා ආත්මීය වෙනස් කම් හඳුනාගත හැකි වේ.
මේ වෙනස්කම් තමන්ට මුලින්ම කළ හැකි ය. එනම්, තමන්ගේ ප්‍රොෆයිල් එක තමන්ටම නිරීක්ෂණය කළ හැකි වේ. “ ඇයි මම මේ දේ කළේ” යන්නට පිළිතුරක් තමන්ටම සොායා ගත හැකි ය. එය ආත්මීය (subjective)දෙයක් බැවින් අතිශය පුද්ගලික විය හැකි ය. එසේත් නැතිනම් විවෘත දෙයක් විය හැකි ය. වඩාත් නිවැරදි පිළිතුර තමන්ට ලැබෙනු ඇත.
දෙවන්න විෂය මූලිකව(objectively), එනම් අනුන් ගැන කරන නිරීක්ෂණය වන්‍නේ ය. අනෙකා ගැන විග්‍රහ කළ හැකි වනු ඇත. නමුත් එය අර්ථකතනයක් වන බැවින් එහි සත්‍යය හෝ අසත්‍යතාව සාපේක්ෂය.
සැප්තැම්බර් මාසය දෙස බලන්න. තමන් කෙසේ ක්‍රියා කර තිබේ ද. ඇයි එසේ කරනු ලබුවේ.
සැප්තැම්බර් 21 මාලීමාව: මේ අවස්ථාව ඡන්දය ප්‍රකාශවීම සහ ප්‍රථිපල පැමිණෙන තෙක් කාලය.
සැප්තැම්බර් 22 න් පසු කාලය. එනම් ප්‍රථිපල නිකුත් වීම සහ ප්‍රථිපලවල ස්වභාවයත් මාලිමාව ජය ගැනීමත් යන අවස්ථාවන්.
ජනාධිපති දිවුරුම් දීම, අගමැති දිවුරුම් දීම, ඇමැති ලේකම් දිවුරුම් දීම යන අවස්ථාවලදී තමන්ගේ චර්යාවන්.
නිදසුනක් ලෙස සැප්තැම්බර් මාසයේ දී තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරයට මාලිමාවේ ලෝගෝව අයත් පිංතූරයට තමන්ගේ අනන්‍යතාව ඇතුළත් කර ගැනීම.
දෙවැන්න මාලිමාව ජයග්‍රහණවය කිරීමෙන් අනතුරුව තමන්ගේ ප්‍රොෆයිල් පිංතූරය වෙනස් කර ගැනීම.
තුන්වැන්න. අනුර සහ මාලීමාවේ නායකකාරකාදීන් සමග සිටින පැරණි මතකයන් ගෙන හැර පෙන්වීම. මේ ආදී තවත් දේවල් ඔබට කැමැති ආකාරයකට සොයා ගත හැකි ය.
මෙය හොඳ නරක පිළිබඳ ගැටලුවක් නොවේ. නමුත් තමන් තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කිරීම තුළ තමන් අනෙකාට කියන්න හදන්නේ කුමක්ද, අනෙකා ගැන කියන්න හදන්නේ කුමක් ද යන්න ගැන හිතන්නට හැකි වනු ඇත.
මෙය හුදෙක් සන්නිවේදනය කරන ආකාරයක් වුවත්, එමගින් ඇති කරන සංඥාකරණය වන භාෂාව තුළ ඇති මනෝවිද්‍යාවත්, සමාජ මනෝ විද්‍යාවත් පුද්ගලයාට මෙන්ම සමාජයට වැදගත් වනු ඇත. සංඥාකරණය හුදෙක් තොරතුරුවලින් ඔබ්බට සමාජ මනෝවිද්‍යාත්මක අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත. එය තම තම නැණ පමණින් කළ හැකි වේ.
මේ සඳහා තවත් එක නිදසුනක් ගෙන එන්නම්. මාලිමාව ලොකු ප්‍රමාණයක ඡන්ද පරතරයක් පෙන්වූ දිස්ත්‍රික්ක 3ක් හුවා දක්වමින් ගාල්ල, මාතර, හම්බන්තොට පෙන්වා අපි දකුණේ අය යැයි කීමෙන් පෙන්නුම්කරණ හැඟවුම්කරණය. ඒ වගේම රටේ සමස්ථය උතුර දකුණ ලෙස බෙදීමෙන් පෙන්වන හැඟවුම්කරණය. ඒ ඔස්සේම උතුරේ සහ කඳුකර ජනයාට දිය යුතු යැයි හිතන දේවල්.
මේ සමාජ තේරුම් ගැනීම, තම තමන්ගේ තේරුම් ගැනීමෙන් ප්‍රශ්නයට උත්තරයක් හිමිවනු ඇත. පරාජිතයන්ට ද සූත්‍රය මෙලෙසම අදාලය. මේ නියැදිය තේරුම් ගැනීමට ගත් නිදසුනක් පමණි. මෙහි තවත් පැතිකරා යා හැකි ය.
මාගේ වැටහීමට අනුව නම්, මෙතැන අපිට රටක්, ජාතියක් වශයෙන් ගොඩ නැගීමට ඇත්තටම ඇවැසි නම්, පුද්ගල සාධකයේ මනෝවිද්‍යතේමක කොටස අපට විශාල වැදගත්කමක් ගෙන දෙනු ඇති බවය.
හොඳ යැයි කියන්නේ අපිමය. නරක යැයි කියන්නේ අපිමය. සම්මතය සංස්කෘතිය අපමය. අප යන්න තුළ මමත්, මා යන්නත් අනන්‍යය වන්නේ ය. නව වෙනසක් මෙන්ම නව සංස්කෘතියක් ගොඩ නැගීම යනු කුමක්ද යන්න අපි කරන කියන දේ තුළින් නිර්මාණය වන්නේය.
උදය ආාර්. තෙන්නකෝන්
24.09.24