Breaking News

බන්දුලගේ විදෙස් ආයෝජන ‘ටොෆිය’

වරාය නගරයට විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා වසර 40ක කාලයකට බදු සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ලෝකයේ තරඟකාරී රටවල් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට වඩා ආකර්ෂණීය සහන, වරදාන, වරප්‍රසාද ලබා දී ඇතැයි කී ඇමතිවරයා ලෝක ආර්ථික අවපාතය සමඟ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම අසීරු ඉලක්කයක් වී ඇතැයි ද සඳහන් කර ඇත.

විදෙස් ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එම රටවලට වඩා සහන ලබාදීම රජයේ අරමුණ බව ද ගුණවර්ධන පවසයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

ඕමානය වැනි රටවල් විවිධ කර්මාන්ත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා විශාල බදුසහන යටතේ තම වරාය ආශ්‍රිත භූමි සම්පූර්ණයෙන්ම එක් එක් රටවලට වෙන් කර දෙන බව ද ඇමතිවරයා පැවසීය.

මෙරට ව්‍යාපාරිකයන් රැසක් ද මෙවැනි බදු සහන හේතුවෙන් තම කර්මාන්ත හා ව්‍යාපාර බංග්ලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව වැනි රටවලට ගෙනියමින් සිටින බව ඇමතිවරයා පවසයි.

ලංකා ඉතිහාසයේ ලැබී ඇති විශාලතම ඍජු විදේශ ආයෝජනය වරාය නගර ව්‍යාපෘතිය බව ද ඇමති බන්දුල ගුණවර්ධන පවසා තිබේ.

සුපුරුදු පරිදි බන්දුල ගුණවර්ධන ටොම් පචයක් දෙසා බා තිබේ. අපේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් දිනයේ සිටම දිගින් දිගටම ආර්ථිකයේ එකම ගැලවුම්කාරී මාර්ගය ලෙස ඉස්මතු කරන්නේ විදේශ ආයෝජන කැඳවීමයි. එය ප්‍රතිශතයක් ලෙස බැලීමේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් දශම ගණනකි. එසේම අපේ වැනි රටකට පැමිණෙන විදෙස් ආයෝජන එළෙස පැමිණීමට හේතු වන්නේ ලාභ ශ්‍රමය, කොල්ලකාරී ශ්‍රම කොන්දේසි, අහිතකර පරිසර වැනි දෙයි. එම නිසා විදෙස් ආයෝජන පැමිණියත් අපේ රටේ ජනතාවට සිදුවන සෙතක් නැත.

leave a reply