Breaking News

පළමු youtube වීඩියෝවට වසර 15ක් සපිරේ!

youtube වෙත පළමුවරට වීඩියෝවක් upload කර වසර 15ක් ගතවී තිබේ. එම වීඩියෝව upload  කර ඇත්තේ youtube හි සම නිර්මාතෘවරයෙක් වන  ජාවෙඩ් කරීම් විසිනුයි. ඔහුට අමතරව ස්ටීවන් චෙන් සහ චැඩ් හර්ලි youtube නිර්මාණය කිරීම සඳහා දායක වී තිබේ.  සත්තු වත්තක රූපගත කරන ලද මෙම පළමු වීඩියෝවේ ජාවෙඩ් කරීම් පෙනී සිටියි. එය  කර ඇත්තේ Me at the zoo යනුවෙනි.  ධාවන කාලය තත්පර 18 කි.

youtube ආරම්භ කර වසරකට පමණ පසු එය ජාවෙඩ් සහ අනෙක් පාර්ශවකරුවන්  විසින් එය Google සමාගමට ඇමරිකානු බිලියන 1.65ට විකුණා දමා ඇත.  Google සමාගම සඳහන් කරන ආකාරයට පැයකට බිලියනයක පමණ ජනතාවක් youtube හරහා විවිධ දේ නරඹයි.

leave a reply