ඡන්ද ප්‍රතිඵලය සමානයි දෙවන වරටත් රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය දහ අටවනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය රට තුළ විශාල කතාබහක් නිර්මාණය කිරීමට හේතු වූ අතරම නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමට උත්සාහ දැරීම දේශපාලන මැදිහත් වීමක් ලෙස බොහෝ දෙනාගේ විවේචනයට ලක් විය.

ජනාධිපතිවරයාගේ මේ ඉල්ලීමට පිටතින් නැගුණු විරෝධය තිවුර වූ අතර නැවතත් වර්තමාන නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළද බහුතර ඡන්දයෙන් ප්‍රතික්ෂේප විය. ජනාධිපතිවරයාගේ නිර්දේශය සම්බන්ධයෙන් කළ ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් ලැබීමෙන් එය පරාජයට පත්විය. ව්‍යවස්ථා සභාව තුළ තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමෙන් තමන්ගෙ උවමනාව පස්සට නොගත් රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් මේ යෝජනාව ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද ජුනි 26 ඒකරාශී වූ ව්‍යවස්ථා සභාව තුළ නැවතත් ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා. පෙර සේම මේ අවස්ථාවේදී ද විරුද්ධව ඡන්ද පහක් සහ පක්ෂව ඡන්ද තුනක් ලැබීමෙන් රනිල්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

අද වර්තමාන නීතිපතිවරයාගේ සේවා කාලය අවසන් වන අතර රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම තුළ තවදුරටත් මේ නීතිපතිවරයාට අදාළව රනිල් වික්‍රමසිංහට ඉල්ලීමක් කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව තහවුරුයි.

ඒ හෙයින් දැන් සිදුවිය යුත්තේ නව නීතිපතිවරයෙකු පත් කිරීමයි

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...