Breaking News

ප්‍රකාශනයේ නිදහස අත්අඩංගුවට පත්කිරීම ශක්තික හරහා කියවීම

සම්පත් පුෂ්පකුමාර

පසුගිය කාලේ ලංකාවේ මාධ්‍යය තුල සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබ`ද සම්මුතිය ජනප‍්‍රිය මාතෘකාවක් විය. ඒයට මූලික හේතුව වූයේ ශක්තික සත්කුමාර යන ලේඛකයා මුහුනු පොතේ රචනා කරනලද කෙටි කථාවක අන්තර්ගතය පදනම් කරගෙන ඔහුට විරුද්ධව බෞද්ධ භික්ෂූන් කන්ඩායමක් විසින් පොල්ගහවෙල පොලීසියට කරන ලද පැමිනිල්ලක් පදනම් කරගෙන ඔහු පොල්ගහවෙල මහේත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රිමාන්ඞ් බන්ධනාගාර ගතකිරීමයි.

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කර ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද පනත යටතේ වරදක් සිදුකරන ලදැයි චෝදනා කරමිනි. දවස් 126 ක් පමන බන්ධනාගාර ගතවී සිටි ඔහු මහාධිකරනයෙන් ඇප ලබාගෙන ගෝස්තු මාසේ 5 වෙනි දින ඇප ලබා නිදහස් විය.
ඔහු චෝදනා ලබා ඇත්තේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබ
ද සම්මුතිය පිලිබ`ද පනතේ 3 වන වගන්තිය යටතේ වරදක් සිදු කීරීමයි.

මෙම පනතේ 3 වන වගන්තිය (1) තුල දක්වා ඇත්තේ මෙලෙසය

“කිසසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම් වලට හෝ ප‍්‍රචන්ඩක‍්‍රියාවලට යොමුකිරීම සංයුක්ත වන ජන වාර්ගික හෝ ආගමික වෛරය ස`දහා පෙලඹවීම නොකල යුතුය. “

මෙම වරදට වරදකරු වන පුද්ගලයෙකුට බරපතල වැඩසහිත වසර දහයකට නොඅඩු කලකට වඩා වැඩිනොවන බන්ධනාගාර ගතකිරීමකට ලක්කල හැකි අතර මෙම චෝදනාවට ලක්කරන පුද්ගලයාට එරෙහි නඩු විභාගය දිනපතා පැවැත්වෙන නඩුවිභාගයක් ලෙස පවත්වාගෙන යායුතුය.

මානව නිදහස ආරක්ෂා කිරීම අරමුනු කරගත් ජාත්‍යයන්තර සම්මුතියක් බලාත්මක කිරීමට පැනවූ දේශීය පනතක් තුලින් ලේඛකයෙකුගේ නිර්මානයක් අරභයා අපරාධ චෝදනාවක් එල්ල කිරීම මේ වනවිට සමාජය තුල විවාදයට පත්ව ඇත.

මානව හිමිකම් තරම් ශ‍්‍රී ලංකාව තුල විවාදයට තුඩුදුන් මාතෘකාවක් පසුගිය දශක ගනනාව තුල අපට සොයාගත නොහැකිය. ඉතිහාසය පුරාවට අත්තනොමතික, වැඩවසම් කෲර පාලකයන්ට එරෙහිව ලෝකයේ විවිධ රටවල ජනතාව විසින් ගෙනගිය අරගලවල ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැගුනු මූලධර්ම මත අද දින අප භුක්ති විදින මානව හිමිකම් නිර්මානය වී ඇත. මෙම මානව හිිමිකම් නිස්චිත ලියවිල්ලක් ලෙස ලොවට ඉදිරිපත් කරනු ලබන්නේ දෙවන ලෝකයුද්ධයෙන් පසු 1946 දී ගොඩනැගුනු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 දෙසැම්බර් 10 වන දින මහා සභාවට ඉදිරිපත් කර සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබ`ද විශ්ව ප‍්‍රකාශනය මගිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය තුල මිනිසාට ගෞරවාන්විතව සමාජය තුල ජීවත් වීමට අවශ්‍යය කරනු ලබන පරිසරය නිර්මානය කිරීමට අවශ්‍යය අයිතිවාසිකම් සමූහයක් අන්තර්ගත කර ඇත.

වැදගත්ම කරුන වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් අතිවිශාල ජන සංහාරයක් සිදුවීමෙන් පසුව ඉදිරියට මෙවැනි ව්‍යසන වැලැක්වීමේ අරමුනින් ලෝක සාමය පවත්වාගැනීමට ඉදිරිපත් කරනලද මෙම ලියැවිල්ල සම්මතකිරීමට අනුමැතිය පල කරන ලද්දේ රටවල් 48 ක් පමනි. තවත් රටවල් 48 ක් ජන්දය දීමෙන් වැලකී සිටින ලදී. දෙවන ලෝක යුද්ධය වැනි ව්‍යසනයකින් පසුවත් මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රාජ්‍යයන් සහ රාජ්‍යය පාලකයන් දක්වන ආකල්පය සහ උනන්දුව මෙයින් මැනවින් පෙන්නුම් කරනු ලබයි.

විශේෂයෙන් දැක්වීය යුත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනයේ ස`දහන් කිසිදු අයිතිවාසිකමක් වැනසී යන ආකාරයට කිසියම් ක‍්‍රියාමාර්ගයකට කිසිදු රාජ්‍යයකට කණ්ඩායමකට හෝ පුද්ගලයකුට අත්වන අන්දමට විශ්ව ප‍්‍රකාශනය අර්ථ නිරූපනය කිරීම හෝ ක‍්‍රියාත්මක කිරීම සිදු නොකල යුතු බව ඒ තුලම දක්වා ඇති බවයි.

නමුත් විශ්ව ප‍්‍රකාශනය ජාත්‍යයන්තර වශයෙන් සදාචාරාත්මක බලයක් පමනක් පතුරවන ලියැවිල්ලක් පමනක් වන බැවින් නෛතික බලය පතුරවන රාජ්‍යයන් වගකිමෙන් බැද තබාගන්නා ලියවිල්ලක අවශ්‍යයතාවය පැනනගින ලදී. මෙම නිසා මානව හිමිකම් සමිබන්ධ නෛතික අයිතිවාසිකම් සහිත ලියවිල්ලක් කෙටුම්පත් කිරීමට කමිටුවක් පත් කරන ලදී. වර්ග දෙආකාරයක අයිතිවාසිකම් එක් ලියවිල්ලක් තුල අඩංගු කිරීමේ අපහසු තාවය නිසා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් වලට එක් ලියවිල්ලකුත් සමාජීය, සංස්කෘථික හා ආර්ථික අයිතිවාසිකම් සදහා වෙනත් ලියවිල්ලක් ලෙසට 1966 දී සම්මුතීන් දෙකක් නිර්මානය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබ`ද සම්මුතියට ශ‍්‍රී ලංකාව වර්ශ 1981 දී පාර්ශවයක් වූ අතර ඒ මගින් මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා ශ‍්‍රී ලංකා රජය වෙත නෛතික වගකීමක් පවරනු ලබයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතියේ අන්තර්ගතය මගින් මිනිසාගේ ජීවත් වීමට, පෞද්ගලික නිදහසට හා ආරක්ෂාවට පෞද්ගලික භාවය රැුකගැනීමට, කෘර අමානුෂික අවමන් සහගත සැලකීම් වලින් සහ වධහිංසා වන්ගෙන් මීදී සිටීමට වහල් භාවයෙන් මිදී සිටීමට, හිතුවක්කාරී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් මිදී සිටීමට, සාධාරන නඩු විභාගයකට, නීතිය හමුවේ පුද්ගලයෙක් ලෙස පිලිගනු ලැබීමට, අතීතයට බලපාන අයුරින් පනවනු ලබන දඩුවම් වලින් මිදී සිටීමට, සිතීමේ විශ්වාස කිරීමේ සහ ප‍්‍රකාශනයේ නිදහසට, සංක‍්‍රමනය ඇතුලු ගමන් බිමන් කිරීමේ නිදහසට සාමකාමී ලෙස රැුස්වීමට, සහ සංවිධානය වීමේ නිදහසට, සෑම මනුෂ්‍යයෙකුටම ඇති අයිතිය පිලිගනු ලබයි.

මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතියට වෛකල්පිත ගිවිසුම් දෙකක් පසුව එක් කරන ලද අතර පලමු වෛකල්පිත ගිවිසුම වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයන් විසින් කරනු ලබන මානව හිමිකම් උල්ලංගනයන් පිලිබදව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතිය යටතේ නිර්මානය කර ඇති කම්ටුවට අදාල රාජ්‍යයේ පුරවැසියන්ට පැමිනිලිකිරීමේ අවස්ථාව ලබා දීමයි. මෙම වෛකල්පිත ගිවිසුමට ශ‍්‍රී ලංකාව පාර්ශවයක් වී ඇත. දෙවන වෛකල්පිත ගිවිසුම වන්නේ අදාල රාජ්‍යය වල දණ්ඩ නීතිය තුලින් මරණ දඩුවම අහෝසි කිරීමයි. මෙයට ශ‍්‍රී ලංකාව පාර්ශවයක් වී නැත.
මෙම සම්මුති වල පාර්ශවයන් වන රාජ්‍යයන් වෙත මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නෛතික වගකීමක් පවරනු ලබයි. යම් හෙයකින් අදාල රාජ්‍යය පාර්ශවය විසින් මෙම අයිතිවාසිකම් කඩකලහොත් අදාල රාජ්‍යයේ පුරවැසියෙකුට මෙම අයිතිවාසිකම් කඩවීම පිලිබ
දව දේශය තුල ඇති සියලු ප‍්‍රතිකර්ම භාවිතා කර සෑහීමකට පත් නොවුනහොත් මානව හිමිකම් උල්ලංගනයන් පිලිබදව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතිය යටතේ නිර්මානය කර ඇති කම්ටුවට තම පැමිනිල්ල ඉදිරිපත් කල හැකි වන අතර ඒ පිලිබ`ද විමර්ෂනයක් කර රජයට නිර්දේශ ලබා දීමට මෙම කම්ටුවට බලය ඇත.

කෙසේ වෙතත් මෙම ක‍්‍රිියාවලිය සංකිර්න ක‍්‍රියාවලියක් වන අතර මෙම හේතුව නිසා මෙම අයිතිවාසිකම් දේශීය නෛතික යානත‍්‍රනය තුලින් බලාත්මක කරන ලෙස රාජ්‍යයන් දිරිමත් කර ඇත.

කෙසේ වෙතත් දැනට භාවිතා වන 1978 සම්මත කරන ලද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබ`ද සම්මුතියේ ඇති බොහෝ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ආරක්ෂා කර ඇත. භාෂනයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිරීමේ අයිතිය ඉන් එකකි.

2007 වර්ශයේ අංක 56 දරන පනතින් ශ‍්‍රී ලංකා රජය තවදුරටත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුතිය පනතේ ප‍්‍රතිපාදන දේශීය නීතිය තුලින් ආරක්ෂා කිරීමට විධිවිධාන යොදා ඇති අතර මේ වන විට ශක්තික සත්කුමාර ලේඛකයා චෝදනා ලබා ඇත්තේ මෙම පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝනය කලබවටය. මානව නිදහස තහවුරු කිරීමට ගෙන එන ලද ජාත්‍යයන්තර සම්මුතියක දේශීය භාවිතාව තුලින් ලේඛකයෙක් සිරගත කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ පුද්ගල නිදහසේ ඛේදවාචකයකි.
1978 සම්මත කරන ලද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වන මූලික අයිතිවාසිකම් යටතේ භාෂනයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිරීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙසට තහවුරු කර ඇත. මෙම තත්වය තුල සාහිත්‍යය නිර්මානයක් කල පමනින් අපරාධ චෝදනා එල්ලකර ද
ඩුවම් ලබාදීමේ වාතාවරනයක් රාජ්‍යය තුල නිර්මානය කර ඇතිනම් උක්ත මූලික අයිතිවාසිකම භුක්තිවිදිමේ නිදහස මිරිගුවක් බවට පත්කර ඇති බව ඉතා පැහැදිලිය. භාෂනයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිරීමේ මූලික අයිතිවාසිකම භුක්ති වි`දිය හැක්කේ සීමාවන්ට යටත්ව බවට යමකුට තර්ක කරනු ලැබිය හැකිය. එය ඉතා පැහැදිලි වන අතර එයට සිදුකල හැක්කේ සාහිත්‍යයමය විද්වත් කථිකාවක් තුලින් විවේචනයක් එල්ල කිරීමයි.

මෑත කාලීනව මෙම පනත යටතේ චෝදනා එල්ලකරන ලද ලේඛකයන් ලෙස රන්සි රසීක්, ඉන්දික රත්නායක, ශ‍්‍රීනාත් චතුරංග සහ මාලක දේවප‍්‍රිය දැක්විය හැකිය.
බරපතල අපරාධ චෝදනාවන් එල්ලකීරිම සහ බන්ධනාගාර ගතකිරීමේ අවදානමක් ඇති අවස්ථාවක ලේඛකයෙක් තම ලේඛණ කලාව තුලින් නව මානයන් සොයා නිර්මානයන් සිදුකරනු ලබනු ඇතැයි යමකු විශ්වාස කරයි නම් එය මුලාවකි. මෙය ලේඛකයකුගේ ගෙලට තියුනු අසිපතක් තබා
“ඔබට භාෂනයේ ප‍්‍රකාශනයේ සහ අදහස් පලකිරීමේ මූලික අයිතිවාසිකම යටතේ නිර්මානයක් කිරීමේ අයිතිය ඇතැයි “
පැවසීමක් වැනිය.

 

leave a reply