ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ වලට තනියම අනුරාධපුරයෙන් තීන්දුවක්

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන සදහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

එහිදී අභිනවයෙන් පත් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙහි ලේකම් සමන් කුමාර මහතා නැගී සිටිමින් කියා සිටියේ,
මෙතනදී ආණ්ඩුව ගැන කථා කලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කලා, අපිත් පුංචි කාළයේ ඉඳලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරිම ආදරෙයි, අපි මේ මහ ගෙදර දාලා ගිහින් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දාලා ගිහින් නෑ,එදා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහත්තයා ඔබතුමාව වැළඳගෙන අපිට නියම ආකාරයට සලකනවා කියපු වචනය විශ්වාස කරලා අපි පොහොට්ටුවේ ආණ්ඩුව හදන්න සහයෝගය දුන්නා, හැබැයි අපි කවුරුත් සියඹලා ගෙනල්ලා නැති විදිහටයි ගම තුළත්, ප්‍රාදේශීය සභාව තුළත්, අපි රාජකාරී කරන ආයතන තුළත්, මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන, ඒ නිසා මම යෝජනා කරනවා එන මැතිවරණයේදී ජය පැරදුම කොතැන තිබුණත් පක්ෂයක් විදිහට තනියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරමු කියන යෝජනාව මම කරනවා යනුවෙනි.

එම යෝජනාවට සභාවේ සිට සියලු දෙනාම අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කර සිටියේය.

අනතුරුව අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

වෙනම තරඟ කරන්න අවශ්‍යයි කියනවා නම් අපි ආසන සංවිධායකවරුන් දැනුම්වත් කරනවා, ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා නම් ඒ අය සුදුසුද නැද්ද කියලා බලලා ඒ අය මාව මුණ ගස්වන්න.පක්ෂයක් විදිහට අපි පහලම ඉන්න අයට නායකත්වයට එන්න ඉඩ දීලා තියෙන පක්ෂයක්, ඒ නිසා මේ දිස්ත්‍රික්කයෙත් අපි ඒක කරනවා.ඒ සඳහා කැමති අය ඉල්ලුම්පත්‍රයක් සකස් කරලා මට ලැබෙන්න සලස්වන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යයවරුන් වන තිස්ස කරල්ලියද්ද, වීරකුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධාකවරුන් හා අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...