ලංකාව ගෙවිය යුතු ණය මේ වසරේ පළමු භාගය තුළ රු ට්‍රිලියන 1.4 කින් වැඩිවෙලා – මහ බැංකුව

Date:

ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය වසරේ පළමු භාගය තුළ රුපියල් ට්‍රිලියන 1.4 කින් වැඩි වී ඇතැයි මහ බැංකු දත්ත පෙන්වා දෙනවා.

2020 වසරේ දෙසැම්බර් මාසය වනවිට පැවති රුපියල් ට්‍රිලියන 15.1ක් වූ ණය ප්‍රමාණය මාස 06 ක් තුළ එනම් 2021 වසරේ ජුනි මාසය වනවිට රුපියල් ට්‍රිලියන 16.5 ක් දක්වා වැඩි වී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ.

2021 පළමුවන භාගයේ රාජ්‍ය වියදම රුපියල් ට්‍රිලියන 1.5ක් වී ඇති අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 714.5ක් වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2021 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් තොගයේ වටිනාකම රුපියල් බිලියන 482ක්.

මේ අතර ආනයනකරුවන් සඳහා අමෙරිකානු ඩොරයක වෙළෙඳපොළේ විකුණුම් මිල රුපියල 231ක් දක්වා ඉහළ ගොස් ඇත.

බැංකුවල මුල්‍ය ද්‍රවශීලතාව ඉතා සීඝ්‍රයෙන් පසුගිය දින කිහිපයේ පහත යාම හේතුවෙන් වාණිජ බැංකු විසින් මහා බැංකුවෙන් පසුගිය දින දෙක තුළ දී රුපියල් බිලියන 140 ක් සියයට 6ක් පොලියට ණයට ගෙන ඇත.

IMF, චීනයෙන් සහ බංගලාදේශයෙන් ඩොලර් මිලියන 1200ට ආසන්න ණය

ශ්‍රී ලංකා සංචිත ශක්තිමත් කිරීමට රට තුළට ඩොලර් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල පසුගියදා නිවේදනය කර තිබුණි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 787 ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර බංග්ලාදේශ මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 150 ක් ශ්‍රී ලංකාව වෙත නිදහස් කර තිබේ.

චීන සංවර්ධන බැංකුවෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලැබීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් SDR හෙවත් විශේෂ ආදාන හිමිකම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 780ක මුදලක් ලැබී ඇති අතර චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලෙස ලැබී ඇත.

අදාළ ණය මුදල සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසන්නේ එම ණය ලැබීම හරහා විදේශ විනිමය වෙළඳ පොළේ ද්‍රවශීලතාවය සහ ස්ථාවරභාවය පවත්වාගෙන යාමට හැකියව ලැබෙනු ඇති බවයි.

බංගලාදේශ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරු ණයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟ වූ අතර එහි පළමු කොටස ලෙස මීට පෙර ඩොලර් මිලියන 50 ක් ලබා දී තිබිණි. ඒ අනුව මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් ලබා දී තිබේ.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...