කොරෝනා වෛරස් තත්වයත් සමග මුළු ලෝකයටම ව්‍යසනයකට මුහුණ දීමට වෙලා තිබෙනවා. ඒක වෙනත් ව්‍යසනයන් වගේ නෙවෙයි තනිකරම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වෙත කඩාපාත් වූ ව්‍යසනයක්. ඒ නිසා කාගේත් අවධානය යොමුවෙලා තිබෙන්නේ ඒ ඒ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඒ රටේ ජනයාගේ ජීවිත බේරා ගැනීම සඳහා සමත් වේවිද කියන කාරණය. සෞඛ්‍ය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී දසක ගණනාවක් වෙනවා. ඒ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පුද්ගලීකරණය හරහා ලාභ ලැබීමේ ව්‍යාපාරයක් බවට මේ ධනපති ක‍්‍රමය විසින් පත් කළායින් පසුව. ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව වගවනවා වෙනුවට මිනිසුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් හරහා ලාභ උපයන්නේ කෙසේද යන්න මේ පුද්ගලික අංශයේ අරමුණ වන නිසා ජනතා අවශ්‍යතා නොව ඔවුන්ට වැදගත්වන්නේ මුදල් නිසා මෙම තත්වය උදාවී ඇත. එම නිසා බෙහෙත් හේත් හෝ සායන කටයුතු තීරණය වන්නේ රෝගියාගේ සුවය සඳහා අදාල මැදිහත්වීම කුමක්ද යන්න මත නොව ඔහු සතුව ඇති වියදම් කිරීමේ හැකියාවන් අනුවය.
එම නිසා කලක පටන් බොහෝ රටවල සෞඛ්‍ය සේවාවක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලමින් එය ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්කිරීමට එරෙහිව අරගලයක් පවතී. ඊට හේතුව ඇති හැකි අයට පමණක් ජීවත්වීමේ අයිතිය හිමිවන නැති බැරි ජීවිත නොසලකා හැරෙන සෞඛ්‍ය සේවාවක් වැඩකට නැති හෙයිනි.
එනිසා මේ මොහොතේ ඉතා හොඳින් අවධාරණය වෙමින් තිබෙන්නේද පුද්ගලික අංශයේ පද්ධතියට මෙවන් ව්‍යසනයකට මුහුණදීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි. තවදුරටත් එය සනාථ වන්නේ මහජන සෞඛ්‍යය පද්ධතිය හරිහැටි ක‍්‍රියාත්මක නොවන රටවල ජනතාව මුහුණ දී තිබෙන සෝචනීය තත්වය දැකීමෙනි. මුදල් නොමැති නම් රක්ෂණ ආවරණ නොමැති නම් අදාළ රෝගයට බෙහෙත් හෝ වෛද්‍ය පහසුකම් නැතිව මියයන්නට සිදුව තිබීම ඛේදවාචකයකි.
එනිසාම ලෝකය පුරාවටම නිදහස් සෞඛ්‍යය රැකගැනීම සඳහා ඉතා දැඩි උනන්දුවක් හටගෙන තිබේ. මේ මොහොත වෙන විට කොයිකාටත් තීරණය කරන්නට සිදුව තිබෙන්නේ සෞඛ්‍ය කේෂේත‍්‍රය ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස පවතින්නට ඉඩ දෙනවද එසේ නොමැති නම් එය ජනතාවගේ මූලික අයිතියක් ලෙස සලකා මහජන සෞඛ්‍යය ලෙස නැතිනම් නිදහස් සෞඛ්‍ය ක‍්‍රමවේදය සියලූ ජනයාගේ දායකත්වයෙන් පවත්වාගෙන යනවාද යන්නයි.
ඒ අරමුණ ඇතිව අප ජීවත්වන ඉතාලියේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ක‍්‍රියාත්මක වන ආකාරය ගැන යම් සොයා බැලීමක් කිරීමට අප උත්සහ කළෙමු.
ඉතාලිය තුළ නිදහස් සෞඛ්‍යය ආරම්භ වෙන්නේ 1978 පිහිටවන ලද Systema Sanitario Nazionale (SSN) ක‍්‍රමවේදයත් සමගයි. ඊට පෙර ඉතාලිය තුළ සෞඛ්‍ය සේවය පුරවැසි අයිතියක් ලෙස පිළිගැනුනේ නැත. රැකියා කළ අයට පමණක් මුතුවා කාඞ්පත නමින් කාඞ් පතක් නිකුත් කර තිබූ අතර රැකියා කරන අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට පමණක් ඉන් සේවාවන් සැපයුනි. එසේ රැකියා නොකල අය අතරින් මුදල් ගෙවා සේවාවන් ලබාගැනීමට නොහැකි කොටස වෙනුවෙන් අවශ්‍යතා සැපයුනේ විශේෂ අරමුදල් මගින් හෝ පුන්‍ය කටයුත්තක් ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන මගිනි.
1978 මැයි වන විට ඊට එරෙහිව ඇතිවූ අරගලවල ප‍්‍රතිඵලයක් ලෙසට මෙම ක‍්‍රමය තුළින් සෞඛ්‍ය සේවාවක් බවට පරිවර්තනය කරන ලදී. එහෙත් එහිදී යම් වියදමක් පුරවැසියන් දැරිය යුතුයි කියන පදනම මත පිහිටා ඒ වෙනුවෙන් ටිකට් පතක් නිකුත් එමගින් මුදල් අයකිරීමක් කලා.
1992 වනවිට ජාතිකතලයේ වගකීම් කලාප වෙත විස්තාරණය කිරීමට යෝජනාවක් රැුගෙන ආ අතර ඒ අනුව ්ASL (Azienda Sanitaria Locale) නමින් කලාප යටතේ ක‍්‍රියාත්මක වන ක‍්‍රමයක් නිර්මාණය කළ අතර ඊට අමතරව රෝහල් නඩත්තුව සඳහාද වෙනම ක‍්‍රමයක් (Azienda Ospedaliera Pubblico o Privato)නමින් ස්ථාපිත කලා.
එතැන් සිට ක‍්‍රමවේදයන් දෙකක් යටතේ සෞඛ්‍ය සේවා සැපයුම සිදුවුණා. ASL ආයතනයේ ප‍්‍රධානියා නම් කළේ අදාල කලාප ආණ්ඩුව මගින්.
1999 දී ගෙන ආ තවත් නීති සංශෝධනයක් මගින් කලින් පැවති ක‍්‍රමය නැවතත් වෙනස් කර (Fondo Sanitario Nazionale) එනම් ජාතික සෞඛ්‍ය අරමුදල නමින් අරමුදලක් පිහිටුවා එහි නියාමන කටයුතු කලාප ආණ්ඩු වෙත භාර කරන ලදී. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සඳහා මුදල් වෙන් කිරීම ඒ ඒ කලාප රජයන් වෙත පැවරුණි.
2001 වන විට ඉතාලියේ වම දුර්වල වීමෙන් නැවත දක්ෂිණාංශිකය හිස ඔසවන අතර ඉතාලියේ උතුරේ ස්ථාපිත වූ ජාතිකවාදී පක්ෂයක් වන(Lega Lombarda) පක්ෂය විසින් ගෙනගිය ෆෙඩරල් කරණය විශාල රැල්ලක් ලෙස පැතිරයාමේ ප‍්‍රතිපලයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ද මුළුමනින්ම කලාප කරණයට ලක් කළ අතර එතැන් සිට කලාපයේ හැකියාවට සාපේක්ෂව ඒ කලාපයේ සෞඛ්‍ය සේවයේ තත්වයද තීරණය වන්නට ගැනුණි. ඊට අමතරව එතෙක් තිබූ රෝහල් පද්ධතිය හකුලමින් සේවකයින් ප‍්‍රමාණය අවම කරමින් සෞඛ්‍යයට වෙන්කරන මුදල කපා හැරීමටත් පුද්ගලීකරණයට ඉඩදෙමින් වගකීමෙන් නිදහස් වීමටත් කලාප ආණ්ඩු කටයුතු කිරීම නිසා අද තත්ත්වයට ඉතාලියේ සෞඛ්‍යය ක්ෂේත‍්‍රය පිරිහීමට ලක්වී ඇත. අභියෝගය වන්නේ තවදුරටත් පුද්ගලීකරණය හරහා මෙය විනාශ වන්නට ඉඩ දෙනවද එසේත් නැත්නම් නිදහස් සෞඛ්‍ය රැක ගන්නට කටයුතු කරනවාද යන්නයි.
කෙසේ වෙතත් නිදහස් සෞඛ්‍යයක් සඳහා සිදුවූ අරගල හේතුවෙන් යම් අයිතීන් ප‍්‍රමාණයක් මේ වනවිටත් ආරක්ෂා වී තිබේ.
මේ වන විට රැකියාවක් කලත් නැතත් සෑම පුරවැසියෙකුටම සෞඛ්‍ය කාඞ්පත හිමිවන අතර මූලික සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පවුලේ වෛද්‍යවරයෙකු වෙන්කරවා ගත හැක. එහිදී වෛද්‍යවරයා විසින් ලබාදෙන තුණ්ඩුව රැගෙන ගොස් තමන් අතින් මුදල් ගෙවා ෆාමසියෙන් බෙහෙත් මිලදී ගත යුතුවේ. සමහර බෙහෙත් වර්ග සදහා වට්ටම් ලැබෙන අතර සමහර ඒවායෙහි මුළු මුදල රෝගියා විසින් ගෙවිය යුතුයි.
කිසියම් රෝග පරීක්ෂාවකට ලක් කරන විට විවිධ ප‍්‍රමානයන්ගෙන් ටිකට් ගාස්තුවක් දැරිය යුතුවේ. රෝහලකට නේවාසික රෝගියෙක් ලෙස ඇතුලත් කළ පසුව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා අමතර අයකිරීමක් සිදුකෙරෙන්නේ නැත. ඊට අමතරව යම් යම් අවස්ථාවන්වල පොරොත්තු ලේඛන වල සිටිය යුතු වේ. එහෙත් පුද්ගලික අංශයට යොමු වීමෙන් කල් නොයවා තම අවශ්‍යතාවය මුදල් ගෙවා ඉටු කරවා ගත හැක. ඊට අමතරව රෝහල් පද්ධතිය තුළම එම වෛද්‍යවරුන්ටම පුද්ගලිකව ප‍්‍රතිකාර කිරීමේ අවස්ථාව ද හිමිව තිබේ.
මීට අදාළව සංඛ්‍යා දත්ත කිහිපයක් දැන් අපි ඉදිරිපත් කරමු. ඒ තුළින් ඔබට ඉතාලියේ මේ වෙනකොට සෞඛ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය ගැන අදහසක් ගන්න පුළුවන්.
• 2010දී වෛද්‍යවරු සංඛ්‍යාව 110732ක් වූ අතර 2017 වෙනකොට එය 101000 දක්වා අඩුවෙලා තියෙනවා. ඒ සියයට 9.5කින්.
• පවුල් සෞඛ්‍ය වෛද්‍යවරු සංඛ්‍යාව 2010 වන විට 45536ක් වූ අතර 2017 වන විට එම ප‍්‍රමාණය 43731ක් දක්වා සියයට 4.1 ක් අඩුවෙලා තියෙනවා.
• ඇඳන් සංඛ්‍යාව ගත්තොත් 2010දී පුද්ගලයින් 1000කට 4.1 ක්ව පැවති ප‍්‍රමානය 2017 වෙනකොට 2.93දක්වා අඩුවෙලා තිබෙනවා.
• ඇම්බියුලන්ස් සංඛ්‍යාව ගත්තොත් 2007දී 1227ක් වූ ප‍්‍රමාණය 2017 වන විට 1172 එනම් සියයට 4ක් දක්වා අඩු වෙලා තියෙනවා.
• රෝහල් ඇතුලූ සෞඛ්‍ය මධ්‍යස්ථාන ප‍්‍රමාණය ගත්තොත් එහෙම 2010දී 1165ක් වූ ප‍්‍රමාණය 2017දී 1000ක් දක්වා අඩුවෙලා තියෙනවා. එනම් සියයට 14.3කින්.
• ඒ අනුව 2010දී මහජන සෞඛ්‍යය ආයතන සංඛ්‍යාව සියයට 54ක් සහ පුද්ගලික ආයතන සියයට 46ක්ව තිබූ තත්වය 2017 වන විට සියයට 51.8ක් සහ සියයට 48.2ක් ලෙස වෙනස්වී තිබෙනව.
• අවුරුදු දහයක කාලයක් ඇතුළත යුරෝ මිලියාර්දි 37ක් සෞඛ්‍ය සේවයෙන් කපා හැර දමා තිබෙන අතර පහුගිය අවුරුදු 20ක කාලය ඇතුළත ඇඳන් 700ක ප‍්‍රමාණයක් කප්පාදු කර තිබෙනවා.
ඒ වගේම වත්මන් තත්වය යටතේ රජයේ මැදිහත්වීමෙන් ගෙනා කූරා ඉතාලිය නීති සංශෝධනය යටතේ මේ වන විට යෝජනා කර තිබෙන්නේ
සෞඛ්‍ය සේවයට විසිදාහක පිරිසක් බඳවාගන්න. ඒත් ඒ තාවකාලික පදනම මත.
• ඊළගට පුද්ගලික අංශයට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා යුරෝ මිලියන 240ක් වෙන් කරන්නට.
• ඊට අමතරව පුද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවට අදාල මෙවලම් නිෂ්පාදන ආයතන සඳහා යුරෝ මිලියන 50ක මුදලක් නැවත අය කර නොගන්නා පදනමින් වෙන් කරන්න.
මේකිසිදු යෝජනාවකට පොදුවේ වමේ සංවිධාන එකග නැති අතර ඊට විරෝධය පළ කර සිටිනවා. ඔවුන්ගේ යෝජනා වන්නේ
• මහජන සෞඛ්‍යය මෙහෙයවීම එක පොදු මධ්‍යස්ථානයකට යටත් කළ යුතු බවයි.
• ඊළගට තාවකාලික පදනම මත නොව සිදුකෙරෙන බඳවාගැනීම් ස්ථාවර පදනම මත විය යුතු බවටයි ඔවුන්ගේ යෝජනාව.
• ඒ වගේම සෞඛ්‍ය සේවය සඳහා අදාළ උපකරණ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම රජය යටතට පත් යුතු බවයි ඔවුන් යෝජනාව.
• ඒ වගේම මේ වනවිට අලූත් කර නැති සෞඛ්‍ය සේවයට අදාල සියලූ කොන්ත‍්‍රාත් අලූත් කරන ලෙස යෝජනා කරන අතර සෞඛ්‍ය සේවයේ උන්නතිය සඳහා වෙන්කරන අරමුදල් වැඩි කළ යුතු බවට ඔවුන් යෝජනා කරනවා. ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් වන්නේ 100% කින් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය නිදහස් සෞඛ්‍ය ලෙස ස්ථාපිත කල යුතු බවයි.
• ඊළගට මහජන සෞඛ්‍ය සඳහා විශ්වවිද්‍යාල සහ රෝහල් පද්ධතියේ නව සොයාගැනීම් සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන වැඩි කළ යුතු බවයි.
• ඒ වගේම සෞඛ්‍ය සේවයට අදාල වෛද්‍යවරු සහ කාර්යමණ්ඩල වහාම අවශ්‍ය ප‍්‍රමාණයට බඳවා ගත යුතු බවයි.
අවසානයේ සැමගේ ඉල්ලීම සෞඛ්‍ය පුරවැසි අයිතියක් මිස එය ලාබ ලබන ව්‍යාපාරයක් ලෙස නොසැලකිය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය පුද්ගලීකරණය සම්පූර්ණයෙන්ම නවතා නිදහස් සෞඛ්‍ය සේවයක් ඉතාලිය තුළ වහ වහාම ස්ථාපිත කළ යුතු බවයි.