“මම හිටියේ කෙලවරේ මේසෙක. ගණිතය පාඩම අවසන් වුනාම, ලොකු අක්කලා (අතිශය බලයක් සහිත ) ඇවිත්, පංතියට ම බෙදුවා ‘සරුංගලය ‘ කියන පොත (පොතේ නම මගේ මතයේ ඇති ලෙස ). එකේ කතාවක් තිබුනා, හීනෙන් පෙනී සරමේ ගෑවෙන එක ලොකු ප්‍රශ්නයක් නොවේ කියා. ස්ත්‍රීන් වැඩිවිය පැමිණීම සහ ඒ සමඟ වැඩෙන ලිංගික අවශ්‍යතා පැහැදිලි කර තිබුනා. පොත ලද මොහොතේ, පංතිය හරිම නිශ්ශබ්ද වූ අතර කිසිදිනක අත් නොවිදු දර්ශනයක් වූයේ, සමස්ථ පන්තියම එය කියවීමට උන්නන්දු වීමය. ඉතාම ඉහල IQ සහ දැනුම ශක්‍යතාවක් සහිත වූ කාණ්ඩයමේ සිට ගණිතය නොහැකි, ඉංග්‍රීසි ද නිශ්චිත ව නොදන්නා කණ්ඩායම තෙක් සැවොම පොත කියෙව්වා. පොත ගෙදර ගෙන යාමට හැකි නමුත් නැවත භාර දිය යුතු බවට අක්කලා පැවසූ නිසා, සමහරුන් එය පංතියේ තබා ආ අතර, සමහරුන් ලැජ්ජාව නිසා ගෙදර ගෙන නොයෑමට තීරණය කළා. කතාව කෙටි කරන්නේ නම්, මේ පොත ඒ වන විට අප සැමගේ සිත් කැළඹුව ද පොතේ අන්තර් ගතය විග්‍රහ කර දීමට තරම් හැකියාවක් සහිත ගුරු වෘත්තීයවේදී (ස්ත්‍රී/ පුරුෂ ) ක් එදා අපට සිටියේ නැහැ. ඉන්පසු 11 වසර විද්‍යා පොතෙන් ජීවයේ අඛණ්ඩතාවය ගැන ඉගනුම ලැබුව ද එහි වූ ගැටළු වලට තොරතුරැ සොයාගැනීමට නොහැකි වුනා. (මා මිතුරි නදීකා බණ්ඩාර නම් කියන්නේ මම තවමත් ජීවයේ අඛණ්ඩතාව පාඩම පෘථුල ලෙස ඉගෙන ගෙන නැති බවයි)”.
පසුව , වරක් මගේ පෙම්වතෙකු වූ ප්‍රජා වෛද්‍යවරයකු පැවසූ ආඛ්‍යානයක් ද මේ සමඟ ලියා තබමි . “ඉස්කෝලේ ළමයි පව්. අපි ප්‍රජා සෞඛ්‍ය ගැන කරපු වැඩමුළුවේදී ළමයින් ට ලිංගිකත්වය ගැන ගොඩාක් ප්‍රශ්න තිබුණා .ඒවා කොළ කෑලි වල ලියා ඒවා තිබුනා (chits ). එත් වැඩමුළු ව සංවිධානය කළ ගුරැවෘත්තීයවේදීනිය ඒවා සාකච්චාවට නොගෙන ඉවත ලෑමට බල කලේ , පාසල අපකීර්තිමත් විය හැකි බව පවසමිනුයි “. පසු අවධිකයක, මා සේවයේ නිරත විශ්ව විද්‍යාලයේ ද කොන්ඩම් භාවිතය පිලිබඳ මාධ්‍ය විසින් විවිධ නිර්ණායක මත තීරණය කර සිදුකර ඉදිරිපත්කිරීමක් සමඟ ශිෂ්‍ය ව්‍යපාරය එයට විරෝධාකල්පය ගොනු කරනු ලැබුවේ, ‘ස්ත්‍රීන් ට අවමානයක් සිදුවේ යන ‘ නිගමනයක් ද පෙන්වා දෙමිනි. කොන්ඩම් භාවිතය ඉතාම සාමන්‍ය වන අතර, එය අවමානයක් ලෙස තීරණය කිරීම අද ද මා හට ගැටලුවකි .
කෙසේ නමුත් මගේ ලිපියේ කේන්ද්‍රිය ප්‍රකාශනය නම්, ලිංගිකව හැසිරීම සහ එය පොදු අවකාශය තුල ප්‍රකාශනය වීම අසභ්‍ය බවට තීරණය කළ හැකිද යන්න විස්තර කිරීමය. ලිංගිකත්වය යනු මානව අවශ්‍යතාවක්, වරණයක් සහ තෝරාගැනීමක් ලෙස මුලිකවම මම අර්ථ කථනය කරමි.එම හැසිරීම ද සම්මුතිකත්වයකි (General Will – රුසෝ පැවසූ පොදු එකඟතාවයේ ස්වරුපය ද භාවිතා කළ හැකිය). එහිදී බලය යොදාගැනීමක් සිදුකිරීම මගින් සම්මුතිකත්වය වෙනුවට අවනතකරගැනීමක් සහ යටත්කරගැනීමක් සිදුවේ. උදාහරණයක් ලෙස, ප්‍රජාතන්ත්‍රවාදි සම්භාෂණයකදී, පුදගලයකු විසින් , මුලික ලිංගික එකඟතාවයක් හෝ නොමැති තම අනෙකා හෝ සමානයාගෙන් පුරුෂ ලිංගය හෝ ස්ත්‍රීලිංගය පෙන්වන ලෙස ඉල්ලා සිටීම මගින් මෙම සම්මුතිකත්වය උල්ලංඝනය වේ. එහිදී පවතිනුයේ බලය වන අතර, එය පොදු අවකාශය වෙත හෙළිදරව් කිරීමේ න් පසු “පව් නොකරන ලද පළමු පුද්ගලයා ගල් ගැසීම අරඹන්න ” යනුවෙන් පැවසීම ද මෙම සම්මුතිය බිඳ දමා, බලය උත්කර්ශනයට නඟන අවස්ථාවක් ලෙස මම හඳුන්වමි. එසේම මෙම සම්මුතිය උල්ලංඝනය කරන බලයට යටත් වීමේ දී , අනෙකුත් සාධක වන, ආර්ථික -බල දේශපාලනය ද අමතක නොකළ යුතුය. විවිධ ශිෂ්‍යත්ව, ප්‍රකාශන වෙනුවෙන් වන අනුග්‍රහය දැක්වීම, රැකියා ලබාදීම් යනාදිය හරහා මඤ්ඤා බවට පත්ව ලිංගික හැසිරීම් යෝජනා, අදාළ පාර්ශවයන් ගේ ‘එකගත්වයෙන් ‘ සිදුවිය යනුවෙන් වන ප්‍රකාශන ද ඇතිබව අමතක නොකළ යුතුය. එයද මගේ කියවීම අනුව බලය යොදා ලිංගික ව හැසිරීම් සිදුකිරීමය.
ලිංගිකත්වය මිලදී ගැනීමේ දී පාර්ශව සියල්ලම එකඟ වේ නම් එහි ගැටලුවක් නොමැති මුත් සහ එම එකඟත්වය , ඉහත කි පරාස මත සිදු වේනම්, එය බලය යෙදීමක් ලෙස මම හදුන්වමි. නිදසුනක් ලෙස, පසුගිය දිනක ගල්කිස්ස බාලවයස්කාර දැරිය මුදලට මිලදී ගත් පැවදි පුදගලයා ගේ සිදුවීම පෙන්වා දිය හැකිය (https://www.sundayobserver.lk/2021/07/11/justice-muffled-cries). මෙහිදී දැරිය විකිණීම සිදුවන්නේ, ආර්ථික දුෂ්කරතාව මත නොවේද ? එම දුෂ්කාරතාව හේතුවෙන්ම ඇය “එකඟත්වයෙන් ” විකිණීමට තීරණය වන අතර ඇයට මුලික මිනිස් අවශ්‍යතා සපුරාගනිමින් , වරුණි අමුණුගමගේ ළමා කාලය වැනි ජිවිතයක් හිමි වුයේ නම්, ඇයට විකිණීම වෙනුවට වෙනත් වෘත්තීයවේදයක් වෙනුවෙන් අවධානය යොමුකර හැකිවනු ඇත. එසේම, අවශ්‍යතා සපුරා ඇති මුත් ඇයට අවශ්‍ය නම් විකිණීම තව දුරටත් සිදුකිරීම ට ඒවෙනුවෙන් ද නිදහසක් සහ සුජාතභාවයක් පැවතිය යුතුය. නමුත් නැවත මා අවධාරණය කරනුයේ, එය ආර්ථික හෝ වෙනත් දුෂ්කරතා වෙනුවෙන් වූ තෝරා ගැනීමක් නොව ඇයගේ ස්වායත්තභාවය (autonomy) මත සුජාත වූ වයස් ඛාණ්ඩයක දී ඇරඹීය හැකිය. එවිට පැවැදි වීම, හෝ ගිහිගෙය හැර ගොස් ජීවිතය නොපෙනෙන දෙවියන් වෙනුවෙන් කැප කල කුමන හෝ පාර්ශවයක් හට ආරක්ෂණය යටතේ මිලදී ගැනීම ට හැකිවනු ඇත. එනිසා, පන්සල් හෝ වෙනත් පුජාභූමි තුල, දෛනිකව සිදුවන බාලවයස්කාර ලිංගික සුරාකෑම පාලනය කල හැකිය.
නමුත් එම ලිංගික සුරාකෑම්, බල පිඩා ඉවත්කිරීම් වෙනුවෙන් ශිෂ්ට සම්පන්න කටයුතු කිරීම වෙනුවට මේ මොහොතේ අවධානය යොමුව ඇති කරුණ නම්, ලිංගික හැසිරීම් ප්‍රකාශනයේ සභ්‍ය අසභ්‍ය භාවය තීරණ කිරීම වෙනුවෙනි. මෙයට අත්‍යසානන සිදුවීම නම්, බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව වෙත අයත් ‘පහන්තුඩාව’ නම් දිය අල්ල ආශ්‍රිතව, යොවුන් ස්ත්‍රී -පුරුෂ ලිංගික හැසිරීමක් සමාජ මාධ්‍යන් හි සංසරණය වීම ද සමඟ ධම්සක් පදනමේ සභාපති වන පස්සරමුල්ලේ ධයාවංස නම් පැවිදි පුද්ගලයකු විසින් විධායක ගෝටාබය රාජපක්ෂ වෙත මේ වෙනුවෙන් නීතිමය ක්‍රියා මාර්ගන ගන්නා ලෙස ඉල්ලා ලිපියක් ලියා තිබීමය. Daily Mirror Online ට අනුව මෙම ස්ත්‍රිය සහ පුරුෂයා , මි මුරේ ප්‍රදේශයේ ද මෙවැනිම ලිංගික හැසිරීම් රු ගත කිරීමක් අන්තර් ජාල අවකාශය ට මුදා හැර තිබෙන බවට පස්සරමුල්ලේ ධයාවංශ නම් පැවදි පුද්ගලයා තව දුරටත් මෙම ලිපියේ සඳහන් කර තිබුන බවට පවසයි (https://www.dailymirror.lk/breaking_news/CID-probes-couple-involved-in-pornographic-video-at-Pahanthudawa-waterfall/108-219459) . මේ අනුව කටයුතු කරමින්, රූගත කිරීමේ ස්ත්‍රීය සහ පුරුෂ යා අත් අඩංගුවට ගෙන තිබේ.
පස්සරමුල්ලේ ධයාවංශ පැවදි පුද්ගයලා ගේ ලිපිය මගේ මතය වෙනත් දිශානතියක් වෙත ද යොමු කරයි. එනම්, ලිංගික හැසිරීම් නැරඹුම වෙනුවෙන් අන්තර් ජාලය වෙත ගෙවන මුදල් පරිමාණයට සාපේක්ෂව තමන් තෘප්තිමත් නොවේනම්, එම ඉච්චාභංගත්වය වෙත වගකිව යුතු රුප රාමුවේ පාර්ශව වෙත නීතිමය පියවර ගැනීමට රාජ්‍යයෙන් ඉල්ලා සිටීම ඇති අයිතිය අප නැවත නැවත කතා කල යුතුය . ඒ වෙනුවෙන් අප හට රාජ්‍ය වෙත ලිපි ලිවිය හැකි බවට මේ මොහොතේ ආදර්ශනයක් සපයා ඇත.
නමුත් එම ඉච්චාභංගත්වය අසභ්‍යකරණයක් ලෙස නම් කල නොහැකි බවට මගේ යෝජනාව වේ. අසභ්‍ය වරනැගීම පිලිබඳ Oxford ශබ්ද කෝෂය ට අනුව පැහැදිලි වන්නේ, හොඳ රසයක් නොමැති වීම, ප්‍රසන්න නොමැති වීම, මනාකොට හික්මීමක් නොවීමය (https://www.oxfordlearnersdictionaries.com/definition/english/vulgar). නමුත් මෙම රූප රාමු තුල හොඳ රසයක් නොමැති වීම මගින් ඉච්චාභංගත්වයට පත් වීම හේතු කාරණා වක් මිස අසභ්‍යකාරණයක් ලෙස නම් කල හැකිද ?
මුලික අඛයානය වෙත නැවත පැමිණිය හොත් , සම්මුතියක් තුල ලිංගික ව හැසිරීම අසභ්‍ය කාරණයක් ලෙස නම් කිරීම ප්‍රශ්නකාරී වේ. එසේම එම සම්මුති ගත ලිංගික හැසිරීම අන්තර් ජාල හෝ වෙනත් ඕනෑම වෙළඳපොළක් වෙත මුදාහැරිම තීරණය කිරීම සහ එය නැරඹුම අයිතියක් මිස අසභ්‍යක් ලෙස නම් කල නොහැකිය. ලිංගිකත්වය යනු බලය නොව සම්මුතිය බවට පැවසෙන ලෙසට ලිංගික අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇත. ලිංගිකව එකතුවීම සාමාන්‍ය සිදුවීමක් බවත්, එය පිළිබඳ සාකච්චා කිරීම , තමන්ගේ රුචිකත්වය මත සිදුවන බවත් පැහැදිලිකරගත යුතුය. ඉතාම අවාසනාවත කරුණ නම්, ශ්‍රී ලංකාවේ ලිංගිකත්ව සාකච්චාව රාජ්‍ය තුලදී මර්ධනය වන අතර විකල්පය තුලදී බලහත්කරණ විනෝදයට යටත් වී තිබීමය. වරක් විකල්ප මිතුරෙකු ලිංගිකත්වය සාකච්චාවකදී , එය නිරාකරණ කිරීම නොව ඔහුගේ වින්දනය වෙනුවෙන් වන භාෂණයක් බවට එය පත්විය.
ලිපිය අවසන් කිරීම මෙසේ වේ. ලිංගිකත්වය යනු සම්මුතිකතත්වයක් ලෙස මම හදුන්වමි. එහිදී, බලය පවරාදී යටත් වීමක් නොව එකඟත්වයක් ඇතිවීම සිදුවිය යුතුය. ලිංගික හැසිරීම්, රුචි අරුචිතා වරණයන් (choices) වන අතර ඒවා ප්‍රකාශ කිරීම /නො නොකිරීම පුද්ගල ස්වායත්තතාවයකි. ලිංගිකත්වය දේශපාලනයක් වන අතර එය නිවැරදිකරණ දේශපාලනයක් ලෙසට සිදුවිය යුතු බවට මම තරයේම විශ්වාස කරණ අතර එහි රුචි තාවය, විවිධ අවස්ථාවන් හිදී අභියෝගයට ලක්ව තමන් ව ඉච්චාභංගත්වයට පත්කළ හැකි නමුත් එය අසභ්‍යක් ලෙස නම් කල නොහැකි බව මගේ යෝජනාව වේ.
මෙම ලිපියේ අන්තර්ගත කරුණු වෙනුවෙන් අරුණි සමරකෝන් වන මා වගවීමට බැදෙන අතර ලිපියට ගැටළු/ විමසීම් aruniwritings@gmail.com යොමුකරන මෙන් ඉල්ලා සිටින අතර ඒ වෙනුවෙන් හැකි ඉක්මනින් ප්‍රතිචාර සැපයීම ට අපේක්ෂා කරමි.