Breaking News

රාජපක්ෂ කෙනෙකුගේ ඉල්ලා අස්වීම අතලඟයි

අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවා තිබුණු උද්ඝෝෂණය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කර තිබුණි. උද්ඝෝෂණය වැළැක්වීම සඳහා උසාවි නියෝගය මෙන්ම ක්ෂනික මාර්ග බාධක වෙනුවට ස්තිර මාර්ග බාධක රාත්‍රියේදී තනා තිබීම ද සමහර තැන් වල ඉතා කෲර ලෙස මාර්ග බාධක වලට කම්බි සවි කිරීම මගින් උද්ඝෝෂණය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කර තිබුණි. මෙම බාධක නොතකා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවා තිබුණු ආකාරයටම උද්ඝෝෂණය පැවැත් වූ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට යෑම සහ එතනට ගොස් බලපෑම් සහගත වැටලීමක් කිරීම විශේෂත්වයක් වෙනවා. ඉන් අනතුරුව ගෝල්ෆේස් උද්ඝෝෂණ භූමිය වෙත යන මග අවහිර කිරීම සඳහා පොලිසිය යොදා තිබුණු මාර්ග බාධක මගහරිමින් ඔවුන් ගාලුපාර දිගේ උද්ඝෝෂණ භූමිය වෙත පැමිණීම ආණ්ඩුවේ පරාජය සනිටුහන් කරනු ලැබීය.

උද්ගතව ඇති තත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම බියටත් තැතිගැන්මටත් පත්වී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරන අතරම මේ වන විට හදිසියේම මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය හමුවීමට ගොස් ඇති බවද දැනගන්නට තිබේ . මේ හමුවේ දී මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව ඇතුලෙන් මුහුණු මාරු කර රනිල් වික්‍රමසිංහ අගමැති වෙන ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවා රාජපක්ෂලාට විය හැකි හානිය වලකා ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් වෙන බවද දැනගන්නට තිබේ.

රට තුළ උද්ගතව ඇති තත්වය හමුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමක් සිදු වුවහොත් හෝ ව්‍යවස්ථානුකූල ක්‍රමයකට ඉවත් කළහොත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ වන විටත් රනිල් පෙනී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කරනවා. ඒ වෙනුවෙන් රනිල් වෙත පිරිනැමන දොළ පිදේනිය වන්නේ මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් නිර්මාණය වෙන ආණ්ඩුව තුළ අගමැති දූරය ඔහුට හිමි වීමයි. ෂය වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ද සිදු කිරීමට නියමිතව තිබෙන්නේ යහපාලන ආණ්ඩුව තුල අගමැතිවරයාට බලය ලබා ගැනීම සඳහා දියත් කළ කුමන්ත්‍රණයේ යම් මූලික පියවරක් ගැනීමයි. ගෝඨාභය කටු කැපීමක් ලෙස පෙනුනද ඊළඟට බලයට පත්වෙන කෙනාට ය මාරු කිරීමට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය වටපිටාව නිර්මාණය කිරීමක් බවද සඳහන් වේ.

 

 

 

leave a reply