Breaking News

අරගලයට පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ – දුමින්ද නාගමුව

පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් අරගලයට නැති බවත් පාර්ලිමේන්තුව අල්ලාගතහොත් එය අකර්මන්‍ය වී මේ අරගලය අවසන් කිරීමට කිසිම ආයතනයක් නොමැතිව යන බවත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවසීය. ගෝඨාභය රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් අද කොළඹ කොටුවේදී පැවැත්වූ විරෝධතාවය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවත් අකර්මන්‍ය වුවහොත් විශාල අරාජිකත්වයකට රට ගමන් කරන බවත් ඔහු පැවසීය.

මේ අරගලය ගෝඨා- රනිල් පන්නා දැමීම, ජනතා බලය තහවුරු කෙරෙන මහජන කන්වුසිලයක් නිර්මාණය කරගැනීම, ආර්ථික සමන්තමතාවය දිනා ගැනීම, අවම ප්‍රජාත්නත්‍රවාදී ජයග්‍රහණය දිනාගැනීම අරගලයේ සීමාව බවද දුමින්ද පවසයි.

මේ රටේ තරුණයෝ ගෝඨාභය රාජපක්ෂව එළවා දමා අරගලයේ අමාරුම කොටස සිදු කර ඇති බවත් ඉන්පසු රනිල්ට ජනාධිපති පුටුවේ වැඩිවීමට ඉඩදී පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම බලාසිටින බවත් ඔහු පැවසීය.

එසේම මෙහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව පැවසුවේ පාර්ලිමේන්තුව රැස්කිරීමට ලබන බදාදා වෙනතුරු නොසිට ඉක්මණින් පාර්ලිමේන්තුව රැස්කරව තීරණයක් ගන්න ලෙස පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි. එසේ නොකළොත් මේ රට ලේ විලක් වුවහොත් එහි වගකීම පාර්ලිමේන්තුවේ සිටින 225ම බාරගත යුතු බවද ඔහු පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ ඇඳිරි නීතිය යොදා, විවිධ බොරු කියමින්, හමුදාව යොදා මේ අරගලය මර්දනයට උත්සාහ කෙරුවත් නොනවත් අරාලය ඉදිරියට ගෙනයන බවයි. එසේම රනිල්ගේ සහ ගෝඨාභයගේ අත්වල උතුරේ සහ දකුණේ තරුණයන්ගේ ලේ ගැවී ඇති බවත් නැවත ඒ ආකාරයට තාරුණයන්ගේ ලේ සෙලවීමට ඉඩදිය නොහැකි බවත් ජෝශප් ස්ටාලින් පැවසීය.

leave a reply