සාරියි ගෑනුයි !

මල් මල් සාරි ඇඳ
නටුවෙ විස කටු හැංගූ ගැහැනු

ඉරි ඉරි සාරි ඇඳ
කොටු ගැහුනු ජීවිත වහගත්ත ගැහැනු

සේද සිනිඳු සාරි ඇඳ
හිතේ ගල් බොරළු මැඩගත්ත ගැහැනු

යාර හය මැද
යාය පුරා පීදෙන හැඟුම්

හංගගත් බවලත් මනුසත්තු…..

ශිපෝන් සාරි නියඟින් අතගා
නයිලෝන් සාරිවල හිරවෙච්ච ගැහැනු

බිනරමල් පිච්චමල් බතික් සාරි ඇඳ
පතොක් මල් ගොඩේ සුව විඳින ගැහැනු

කලුම කලු සාරි ඇඳ
විචිත්‍ර වරණ හැට්ටවලින් කලු වහන ගැහැනු

යාර හය මැද
යාය පුරා පීදෙන හැඟුම්

හංගගත් බවලත් මනුසත්තු……

පොට කඩා ළැම වසා
ළය සුසුම් තෙරපාගත් ගැහැනු

නෙරි තියා ඉන හඳා
නෙරූ කුස් හංගා හිත් හදාගත් ගැහැනු

රැළි තියා හැඩ හදා
පොඩිවෙච්ච තැන්වසා හිනාවුනු ගැහැනු

යාර හය මැද
යාය පුරා පීදෙන හැඟුම්
හංගගත් බවලත් මනුසත්තු……..

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...