ආණ්ඩු ගැති වන තාක් ස්වාධීන කොමිෂන් සභා

Date:

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම හරහා ඉවත් කර ඇත. මෙයට පක්ෂව ඡන්දය දී ඇත්තේ ආණ්ඩු පක්ෂය පමණි. ජනක රත්නායක නම් පුද්ගලයා පසෙක තබා කොමිෂන් සභාවක ඉරණම සලකා බැලීමට අපට මේ අත්දැකීම වැදගත් වේ. මේවාට ස්වාධීන කොමිෂන් කීවාට එම කොමිසම හෝ එහි සාමාජිකයෙකු පක්ෂග්‍රාහීව කටයුතු කළොත් ඉවත් කිරීමේ හැකියාවක් විපක්ෂයට නැත. නමුත් ආණ්ඩුවට එරෙහි වන හෝ අවම වශයෙන් ආණ්ඩුවට අවනත නොවන ඕනෑම අයෙක් ඉවත් කිරීමේ බලයක් ආණ්ඩු පක්ෂයට ඇත. මේ ප්‍රශ්නය විසඳන්නේ කකෙසේද?

තීරණ ගැනීමේ බලය ලබාදිය යුත්තේ නිලධාරීන්ටද, මන්ත්‍රීවරුන්ටද යන ද්විත්ව විවාදයේ සිරවීමේ තේරුමක් නැත. 1947 ව්‍යවස්ථාවේ සිට නිලධාරීන්ගෙන් ජනතාව විඳි පීඩාව නිසා එයට විසඳුමක් ලෙස 1972 ව්‍යවස්ථාවෙන් මන්ත්‍රීවරුන්ට බලය දුන් අතර එමගින් පැමිණි ජනතා පීඩාවට විසඳුමක් බව කියමින් 1978 ව්‍යවස්ථාවට 2000දී කළ 17වන සංශෝධනය මගින් යලි බලය කොමිෂන් සභා නිලධාරීන්ට පවරන ලදී. 18 සංශෝධනයෙන් එය ඉවත් වී, නැවත 19 වන සංශෝධනයෙන් ස්ථාපිත වී, 20 සංශෝධනයෙන් ඉවත් වී, 21 සංශෝධනයෙන් යළි ස්ථාපිත විය. නමුත් පසුගිය කාලයේ මැතිවරණ කොමිසමට, පොලිස් කොමිසමට, අධිකරණ සේවා කොමිසමට හා මානව හිමිකම් කොමිසමට සිදුවූ දේ අපි දුටුවෙමු. අද මහජන උපයෝගීතා කොමිසමේ ඉරණම දුටුවෙමු. මේ උභතෝකෝටිකයට පිළිතුර කුමක්ද?

1935 ලංකාවේ ප්‍රථම වාමාංශික පක්ෂය ලෙස ලංකා සමසමාජ පක්ෂය කරළියට එනවිට එම පක්ෂයේ යෝජනාව වූයේ තීන්දු ගැනීමේ බලය ස්වේච්ඡා ජනතා කමිටු වලට පැවරීමයි. 1978 ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූයේද එයයි. දේශපාලන තන්ත්‍රයට හා නිලධාරී තන්ත්‍රයට මාරුවෙන් මාරුවට බලය පැවරීම හා ඊනියා ස්වාධීනත්වයක් ගැන සිහින මැවීම වෙනුවට ඒ යෝජනාව වෙත සිත යොමු කිරීම වඩා ඵලදායී නොවේද?

පුබුදු ජයගොඩ

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...