ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ 3කට පමණ රැකියා අහිමිවීමේ අවදානමක්

රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟය හේතුවෙන් අමුද්‍රව්‍ය නොමැතිවීමෙන් කර්මාන්තශා සහ ඉදිකිරීම් පවත්වාගෙන යාම අවදානමකට ලක්ව ඇත.

ඇඟලුම්, විදුලි උපකරණ නිෂ්පාදන, කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, බේකරි ඇතුළු කර්මාන්ත ගණනාවක් මේ වන විට වැසී යාමේ අවදානමක් ලක්ව තිබේ.

ඇතැම් භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වලින් 90% ක පමණ ප්‍රමාණයක් අපනයනය කිරීමට සිදුව ඇතැයි නිශ්පාදකයෝ පවසති.

පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අමු ද්‍රව්‍ය අපනයනය කිරීමට නොහැකි වීම නිසා කර්මාණ්ත බොහෝමයක් වැසීයාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා එක්සත් ජාතික ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා අබේසුන්දර පවසා ඇත.

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 51 ක පමණ ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් විසින් දරනු ලබයි.

ඉන් සියයට 20ක් පමන ඇගලුම් ක්ෂේත්‍රයෙන් සැපයෙන අතර බිලියන 1000 කට අධික මුදලක් ඉන් ආර්ථිකයට සැපයේ.

නියමිත දිනට ජාත්‍යන්තර ඇනවුම් ලබාදීමට නොහැකිවීම හමුවේ මෙරටට ලැබෙන ඇඟළුම් ඇණවුම් පහත වැටීමෙන් එම කර්මාන්තශාලා ද වැසීයාමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය තුළ ඇඟළුම් කර්මාන්තය බිඳවැටුණහොත්, එහි සෘජු රැකියාවල නිරත ශ්‍රමිකයින් 350,000කට සහ වක්‍ර රැකියාවල නිරත සැපයුම් ක්ෂේත්‍රයේ මිලියනයකට අධික පිරිසකට ආදායම් අහිමිවීමේ අවදානමක් මතුව ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...