අංගුලිමාල සිල් ගන්න පාටක් නැත. මර්දන පනත ගෙන ඒමේ තැත නැවත ක්‍රියාත්මකයි.

මර්දනීය අංගුලිමාල පනත නැවත ගෙන ඒමේ සූදානමක්

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ලබා ගනිමින් නිකුත් කෙරෙන  අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පත  (unique digital identity card) සම්බන්ධයෙන්  ඊයේ  (12) සාකච්ඡා කළ  බව ගෝඨාභය රාජපක්ෂගේ facebook ගිණුමේ සඳහන් කර ඇත.

එහි දැක්වෙන තොරතුරු අනුව සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට නියමිතය.

නව හැඳුනුම්පත මගින් පුද්ගල ජිව දත්ත භෞතිකව මෙන්ම අනතර්ජාලය ඔස්සේ ද දැකගැනීමට පුළුවන් බවත්  මෙය  විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කර ගන්නා බවත් සඳහන් වේ.

හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුවක් යටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පුර්ණ මගපෙන්වීමෙන් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක අධීක්ෂණයෙන් සිදු කෙරෙන බවද දැක්වේ.

සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකි ඉක්මණින් ලබාගතහැකි වන අයුරින් කටයුතු කරන ලෙස තමන් උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා  සටහනේ දක්වා ඇත.

මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරුන් වන වරුණ ධනපාල හා යූ.කේ. බණ්ඩාර , ආගමන, විගමන පාලක වී.බී. සරත් රූපසිරි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ, තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද හේරත් යන මහත්වරු එක්ව සිටියහ.

ජනාධිපතිවරයාද සඳහන් කර ඇති ආකාරයට මෙම විද්‍යුත් හැඳුනුම් පත  ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටි අවදියේ ද ගෙන ඒමට උත්සාහ කරන ලද්දකි. ඒ අවස්ථාවේ මෙයට විරෝධය දැක්වූ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් විද්‍යුත් හැඳුනුම්පතක් ගෙන ඒමේ අරමුණින් ගෙන ඒමට සැරසෙන නව පනත  හඳුන්වනු ලැබුවේ අංගුලිමාල පනත යන නමිනි. එයට හේතුව එයට හේතුව මෙම හැඳුනුම්පත සඳහා ඇඟිලි සළකුණ අනිවාර්ය කර තිබීමයි.

මෙම හැඳුනුම්පත විරෝධය දැක්වීමේදී මතුකරන ලද ප්‍රධානම කරුණක් වූවේ  පෞද්ගලිකත්වයේ රහස්‍යභාවය සඳහා ජනතාවට ඇති මූලික අයිතිය උදුරාගැනීමක් බවයි. එසේම මෙම හැඳුනුම්පත මර්දනය තවත් ශක්තිමත් කිරීමේ උපක්‍රමයක් බවට හඬ නැගිණි. ඒ මොහොතේ මෙම හැඳුනුම්පත යෝජනා කරනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයෙක් වීම සහ තොරතුරු රැස්කිරීම සඳහා හමුදාව විශේෂ මැදිහත්වීමක් දරන බව පැවසීම නිසා පරිපාලන කටයුත්තක් නම් හමුදාව මේ සඳහා මැදිහත් වන්නේ කුමන පදනමකින්ද යන ගැටලුව පැන  නැගුණි.

මේ මොහොතේත් විද්‍යුත් හැඳුනුම්පත සම්බන්ධයෙන් ජනාධිපතවරයා පැවැත්වූ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටින  ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්ට  පැවරෙන වගකීම කුමක්ද යන ප්‍රශ්නය මතුවේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...