පිස්සු කෙලින නීතියට රිංගලා යන්න ත්‍රීරෝද

“ත්‍රිරෝද රථය යනු ලොව ඇති ආරක්ෂා රහිතම (Unsafe) වාහන වලින් එකක්” බව මා සමග පැවසුවේ මා ගමනක් ගිය ත්‍රිරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස පදවා පෙරලීමෙන් උරහිසේ ග්‍රීවාස්ථිය (Collarbone) බිඳී මහනුවර මහ රෝහලට ඇතුලත් වූ පසු මාව පරීක්ෂා කල විකලාංග ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාය. සාමාන්‍යයෙන් සමාජය තුල ඇති පොදු පිළිගැනීමද එයයි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන මාර්ග අනතුරු වලින් දෙවන තැන හිමිකරගන්නේ ද ත්‍රිරෝද රථයයි. එයට ප්‍රධානම හේතුව වන්නේ සියලු මාර්ග නීති උල්ලංඝනය කරමින් මේ ත්‍රිරෝද රථ රියදුරන් රිය පැදවීමයි. එය කොතරම් බරපතල ලෙස සිදුවන්නේ දැයි කියනවා නම් මාර්ගයේ අනෙක් වාහන පදවන රියදුරන් මේ අය නිසා දැඩි මානසික පීඩනයකට මහමගදී ගොදුරු වීම අනිවාර්යයෙන් සිදුවන්නකි.

එසේම බොහෝ අගතිගාමී, සමාජ විරෝධී ක්‍රියාවන් හි කොතැන හෝ තැනක ත්‍රීරෝද රථයක් ඇතිබව දෛනික ප්‍රවෘත්ති වාර්තාකරණයන් නිරීක්ෂණය කරන්නෙකුට සරලව තේරුම් ගත හැක.

ලංකාවේ ප්‍රත්‍යන්ත නගරවල සහ ගම් දනව් වල ඇති ත්‍රී රෝද රථ පදවන්නන්ගෙන් අති මහත් බහුතරයට රියදුරු බලපත් නැත. විධිමත් රියදුරු පුහුණුවක් ලබා නැත. පූර්ණ ආරක්ෂාව සහිත රක්ෂණාවරණ නැත.

බොහෝ ත්‍රිරෝද රථ රියදුරන්, විවිධ හේතූන් මත පාසැල් අධ්‍යාපනය නවතා දැමූවන්‍ ය. ත්‍රිරෝද රථය වෙත ඔවුන්ගේ ආකර්ශනය ගොඩනැගෙන්නේ ද එය සිය අනාගත ජීවන ගෝලය (Life goal) බවට පත්කරන්නේ සිය තදාසන්න සමාජ ඇසුර විසිනි.
ත්‍රීරෝද රථය රැකියා අවස්ථා රැසක් උත්පාදනය කර ඇතැයි කෙනෙකුට තර්ක කලහැක. එහෙත් ඒ රැකියාවේ ඵලදායිතාව කෙතෙක්දැයි ඒ කිසිවෙක් පවසන්නේ නැත.

ත්‍රීරෝද රථය මාර්ගයේ සිදුකරන මාර්ග විරෝධී ක්‍රියා සම්බන්ධව කටයුතු කර ඒවා විධිමත් මගී ප්‍රවාහන පද්ධතියක් බවට පත්කරන්නට එක්කෝ පොලීසිය අසමත් ය. නැත්නම් ඔවුන් කිසියම් හේතුවක් මත එය නොසලකා හරී.
ඒ අතර ඊයේ ප්‍රවෘත්ති වල වාර්ථාවූයේ ශ්‍රී ලංකා පොලීසිය ට සිය රාජකාරී කටයුතු සඳහා ත්‍රීරෝද රථ 2000ක් ලබා දීමේ පුවතයි. දැන් එයින් සිවිල් සමාජය වඩා විනයගරුක, විධිමත්, නීත්‍යානුකූල සමාජයක් වන අයුරු අපට අනාගතයේ දී දැක බලාගත හැක.

කපිල එම්. ගමගේ

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...