Breaking News

එළියෙ ඉඳන් බැරි බැසිල් ඇතුලට ඇවිත් කොහොම කරන්නද – දයාසිරි

රටක් විදිහට සිස්ටම් එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා .ඒ බව පවසන්නේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර . බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු පැනයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ කවුරු පාර්ලිමේන්තු ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් නොමැති බවයි . වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ කවුරු පාර්ලිමේන්තු ආවත් පවතින ප්‍රශ්න ටික එහෙමම පවතින බවයි . එපමණක්ද නොව බැසිල් පාර්ලිමේන්තුවෙන් පිට සිටිමින් ඇමතිවරයකුට වඩා වැඩි බලතල තියාගෙන බැසිල් ක්‍රියාත්මක වූ බව අවසන දයාසිරි ඔහු පාර්ලිමේන්තුවට ආවා කියා වෙනසක් නො වෙන බව ඇඟවීය .

බැසිල් කොරෝනා කමිටුවේ ප්‍රධානියා එහි සභාපතිවරයා .දැනට ඇති වී තියෙන සියලු ප්‍රශ්න ඇතිවෙන්නේ බැසිල් ඉන්න හිටපු ආණ්ඩුව ඇතුළේ නිසා ඔහු ආවා කියලා විශේෂයෙන් මේ ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ . බැසිල්ලා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු රබර් සීල් බවට පත්වෙලා තිබෙන බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා .

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් ගේ පැමිණීම වෙනුවෙන් ආවඩන අතර වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් වන විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැනි අය කට වසාගෙන දේශපාලන ස්වයං නිරෝධායනයට ලක් වී සිටීයි .

 

leave a reply