එළියෙ ඉඳන් බැරි බැසිල් ඇතුලට ඇවිත් කොහොම කරන්නද – දයාසිරි

රටක් විදිහට සිස්ටම් එක පිළිබඳව අපට විශාල ප්‍රශ්නයක් තියෙනවා .ඒ බව පවසන්නේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර . බැසිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම පිළිබඳ මාධ්‍යවේදීන් නැගු පැනයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ කවුරු පාර්ලිමේන්තු ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රශ්නයක් නොමැති බවයි . වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු කියා සිටියේ කවුරු පාර්ලිමේන්තු ආවත් පවතින ප්‍රශ්න ටික එහෙමම පවතින බවයි . එපමණක්ද නොව බැසිල් පාර්ලිමේන්තුවෙන් පිට සිටිමින් ඇමතිවරයකුට වඩා වැඩි බලතල තියාගෙන බැසිල් ක්‍රියාත්මක වූ බව අවසන දයාසිරි ඔහු පාර්ලිමේන්තුවට ආවා කියා වෙනසක් නො වෙන බව ඇඟවීය .

බැසිල් කොරෝනා කමිටුවේ ප්‍රධානියා එහි සභාපතිවරයා .දැනට ඇති වී තියෙන සියලු ප්‍රශ්න ඇතිවෙන්නේ බැසිල් ඉන්න හිටපු ආණ්ඩුව ඇතුළේ නිසා ඔහු ආවා කියලා විශේෂයෙන් මේ ප්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ . බැසිල්ලා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු රබර් සීල් බවට පත්වෙලා තිබෙන බවද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා .

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් ගේ පැමිණීම වෙනුවෙන් ආවඩන අතර වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් වන විමල් වීරවංශ උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර වැනි අය කට වසාගෙන දේශපාලන ස්වයං නිරෝධායනයට ලක් වී සිටීයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...