බදු වැඩිකරගන්න ගහපු පරණ උපක්‍රම නැවතත්

Date:

2025 යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහා ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) වැඩි කිරීමට අදාළව 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝගයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සලකා බලා අනුමත කර ඇත.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා රජය එය දිගටම භාවිතා කරන බව මෙහිදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 2025 අගෝස්තු 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ආනයනික ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් (රු. 40 සිට රු. 50 දක්වා) සහ ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් (රු. 60 සිට රු. 80 දක්වා) වැඩි කිරීමට පියවර ගෙන ඇත.

සෑම ආණ්ඩුවක්ම මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවන්නේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට බව පවසමිනි. නමුත් සත්‍ය ලෙස සිදුවන්නේ දේශීය ගොවීන්ට හෝ පාරිභෝගිකයන්ට මින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීමයි. ආනයනික භාණ්ඩවල මිල වැඩිවීමට සාපේක්ෂව දේශීය නිෂ්පාදනවලද මිල වැඩිවෙන නමුත් එම වාසිය ගොවියන්ට නොව අතරමැදියන් කිහිපදෙනෙකුට පමණක් ලැබේ. මෙය දිගින් දිගටම සිදුවන්නක් බව කුඩා දරුවෙකු පවා දන්නා කාරණයකි. ආණ්ඩුව මෙවැනි බදු වැඩිකිරීම් කරන්නේ දේශීය නිෂපදකයා ආරක්ෂා කිරීමට නොව බොරු හේතු ඉදිරිපත් කරමින් බදු ආදායම වැඩිකර ගැනීමටයි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...