ජනක රත්නායක ඉවත් කිරීමේ නාඩගම

පසුගිය අරගලය විසින් මේ රටේ ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් ජන මතයක් නොමැති බව තහවුරු කර ඇති මොහොතක සදාචාර විරෝධී ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීමට හෙට (24) පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට කටයුතු යොදා තිබීම ගැන කතා බහක් ඇතිව තිබේ.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත පැවසුවේ මෙම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධියි සහ ජන මතයට පටහැනි බවයි.

පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පදනමෙන් තමයි 2002 අංක 35 දරණ පාරිභෝගික සේවා කොමිසම පිහිටුවා තිබේ.

පාරිභෝගික සේවා පනතේ 07වැනි වගන්තියට අනුව කොමිසමේ සාමාජිකයෙකු හෝ සභාපතිවරයා ඉවත්කිරීමට කටයුතු කළ හැක්කේ කෙසේද යන්න සඳහන් කර තිබ්. ඒ අනුව එම ඉවත් කිරීමක් කළ හැකි හේතු සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකු සේවයට නුසුදුසු වීමට අදාළ හේතුම බව මෙහිදී චමීර කොස්වත්ත පැවසීය.

නමුත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව තිබෙන චෝදනා වන්නේ විදුලි ගාස්තු අඩු කිරිමට යෝජනා කිරීම. දෙවැනි චෝදනාව උසස් පෙළ විභාග පැවැත්වෙන සමයේ විදුලිය බාධාවකින් තොරව පවත්වාගෙන යායුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරමින් අධිකරණයට යාම, තුන්වන කරණය ඇමතිවරයා විවේචනය කිරීම බව මෙහිදී පැවසිණි.

වරප්‍රසාදවලට, සල්ලි කුට්ටිවලට වෙන්දේසි වන ඡන්ද කෑලිවලින් මේ රටේ ජනතාවගේ මතයට පටහැනි ලෙස කටයුතු කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් එම තීරණ පිළිගත යුතු නැති බවද ඔහු පැවසීය.

ඒ නිසා පවතින ආණ්ඩුවලට ගැතිකම් කර තනතුරු රැකගැනීමට උත්සාහ කිරීම වෙනුවට අපේ රටේ රාජ්‍ය සේවකයන් ජන මතයට ආණ්ඩුව කටයුතු කිරීම හැර වෙන විකල්පයක් නැති බවද චමීර කොස්වත්ත පැවසීය.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...