ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන නැවතත් තොරතුරු රැස්කරයි

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස්කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාවෙන් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක් ගෙන ඒවායේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ දත්ත රැස් කිරීමට පියවර ගන්නා ලෙස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව මගින් පත්කළ අනු කාරක සභාව මගින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව විසඳීමට ගත හැකි ඉදිරි පියවර සොයාබැලීම සඳහා වන එම අනු කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.

රට පුරා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ගේ ගෙවීමට පවතින හිඟ මුදල් පිළිබඳ දත්ත රැස් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස නුවරඑළිය, මඩකලපුව, පොළොන්නරුව සහ කොළඹ යන දිස්ත්‍රික්කවල හැටන්, දකුණු කෝරලයිපත්තු, වැලිකන්ද සහ වැල්ලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දත්ත රැස් කිරීමට සැලසුම් කර ඇති බව අනුකමිටුවේ සභාපතිවරිය සඳහන් කර තිබේ.

මෙහිදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකිවූවන්ට සහන සැලසීම හෝ එම ගැටලුවෙන් ඔවුන් මුදා ගැනීමට මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මේ වන විට ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ආයතන 34ක් කැඳවා ඔවුන් සමග සාකච්ඡා කර අදාළ ණය කරුවන්ට ලබාදිය හැකි සහන සම්බන්ධයෙන් ගතහැකි පියවරයන් මොනවා ද යන්න විමසීමටද මෙම රැස්වීමේදී තීරණය වී තිබේ.

මිට පෙර පැවති ආණ්ඩුද විවිධ කාලවලදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගැනීමට නොහැකි පුද්ගලයන් පිළිබද තොරතුරු එක්රැස් කරන ලදී. නමුත් සිදු නොවූ දෙය වන්නේ එම ප්‍රශ්නය විසදීම සඳහා වින්දිතයන්ගේ පාර්ශවයෙන් පියවරක් නොගැනීමයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුවද ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් පොරොන්දු කිහිපයක් ලබාදී තිබේ. පසුගිය ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවද පොරොන්දු ලබාදීම් තොරතුරු රැස්කිරීම් පමණක් සිදු කරාවිද යන සැකය ජනතාව තුල මතුවෙමින් ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...