සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් 5ක් මුල්කරගෙන අරගලයට

මේ වනවිට 1999 වසරේ සිට 2021 වසර දක්වා බ`දවාගත් සංවර්ධන නිලධාරීන් පළාත් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු කරමින් සිටි. මේ වනතෙක් නිසි උස්සවීම් ක‍්‍රමවේදයක් නොමැතිවීම සහ රාජකාරී ලැයිස්තුවක් නොමැතිවීම ආදි ගැටලූ ගණනාවක් මතුව ඇත. එමෙන්ම ජීවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව වැටුප් වැඩිනොවීම නිසා ආර්ථික ගැටලූ ගණනාවකට මුහුණ පා ඇත.

මෙම ගැටලූ පිළිබ`දව දිගින් දිගටම බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි පිළිතුරු ලැබී නැත. ඒ හේතුවෙන් පහත ඉල්ලීම් 5 මුල්කරගෙන පෙබරවාරි 7 එනම් හෙට දින සිට විරෝධතා කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමට අප සංගමය තීරණය කර ඇත.

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15000කින් වැඩිකරනු!
උස්සවීම් ක‍්‍රමවේදයක්, රාජකාරි ලැයිස්තුවක් සහිත සංවර්ධන නිලධාරී නව සේවා ව්‍යවස්ථාවක් සකසනු!
ආර්ථික සංවර්ධන නිලධාරී නව සේවා ව්‍යවස්ථාවක් සකසනු!
සියලූ සංවර්ධන නිලධාරීන්ගේ අහිමි කළ සේවා කාලය ස්ථිර සේවාවට එකතු කරනු!
2016න් පසු රාජ්‍ය සේවයට පැමිණි සැමගේ අහිමි කර ඇති විශ‍්‍රාම වැටුප් හිමිකම යළි ලබාදෙනු!
යන ඉල්ලීම් 5 මුල්කරගෙන මෙම විරෝධතා ආරම්භ වේ. මේ යටතේ ඉදිරියේ දී අත්පති‍්‍රකා බෙදීම්, සංදේශ අත්සන් කිරීම් හා ආයතන මට්ටමින් විරෝධතා පැවැත් වීමට කටයුතු යොදා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...